08 April 2017

වික්ටර් රත්නායක සහ මගේ ප්‍රේම කතාව

                                          බොලොග් තුළට විවිධ රැළි,කුණාටු, සුළි සුළං හමාගෙන එනවා. ඉතින් සොදුරු සදවතීගේ මේ වික්ටර් ගී අභියෝගයත් එහෙම බොලොග් හරහා පැතිරගෙන ගිහිල්ලා අද මගේ බොලොග් එකටත් ගොඩ වැදෙන ප්‍රේමණීය සුලගක් . ඒ තුළ මා ජනිත වූ අනන්දනීය බව තුළ ඔබත් අතරමන් කිරීමටයි මගේ මේ වෑයම.
                   මුලින්ම මගේ රසවින්දනය ගැන කීවොත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ සිට ක්ලෑරන්ස්, රූකාන්තයන්ගෙන් පසු භාතිය සංතුෂ් හරහා අද හෙළ සංස්කෘතිය විනාස කරනවයි කියන කුණුහර්ප රැප් කියන කියන ෆිල් ටී,පදනම,හතලිස් හතර කල්ලිය,ප්‍රසා වැනි වුන්ගේ රැප් දක්වා ගමන් කරන්නක්.
                   ඔය හැමෝගෙම මම අහන සිංදු වගේම,එච්චර කැමති නැති, සමහර වෙලාවට කැමතිම නැති ගීත තියෙනවා. ඒත් ඉරි ඇදලා කොටු කරගත්තු රසවින්දනයක් මට නෑ. එක එක ශෛයිලීන් තුළින් ලැබෙන රස එකිනෙකට වෙනස්. මන් ඒ වෙන වෙන රස හොදින් රසවිදින්නෙක්.
                                           
1.මන් වික්ටර් රත්නායකයන්ගේ සුභාවිත ගීතයන්ගේ උන්මාදනීය උමතුවෙකු වෙන්නෙ මෙන්න මේ ගීතය හරහා. පසුබිමෙන් ඇහෙන්නේ බොක්ස් ගිටාර් දෙකක තත් පිරි මැදීමක් විතරමයි ඒ උමතුව තාමත් එහෙම්මයි. ඒ ස්පර්ෂය එහෙම්මමයි. පද තුල නැලවෙන ඒ සුමිහිරි සංගීතය. මන් එහි ආසම මෙතනට.

"ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ප්‍රේමයේ රුදු වේදනාවේ 
කදුළු සයුරේ උල්පතයි"


05 April 2017

විකසිත වුනු නෙළුම යාය සම්මාන උළෙලේ මගේ රස්තියාදුව


                                                             දැමිය යුතුම නෙළුම් යාය බොලොග් සම්මාන උළෙල ගැන පෝස්ට් එකක් දාන්න පරක්කු වුණේ මග හරින්න බැරි වැඩ ගොඩක් පහුගිය දවස් ටිකේම යෙදිලා තිබ්බ නිසා. මේ සම්මාන උළෙල මට අතිශය විශේෂ වන්නෙ සම්මානයක් හම්බුණු නිසාමත්ම නෙවෙයි හැංගි හොරා පෝස්ට් දාන බොලොග් කරුවන් විශාල පිරිසක් දැක ගන්න වගේම කතා බහ කරන්නත් හම්බුනේ එදා නිසා.  හුග දෙනෙක් මේ ගැන පෝස්ට් දැම්මත් මමත් දාන්නෙ මගේ මුල්ම බොලොග් කරුවන් හා වූ හමුවීම මෙය නිසා සහ මෙම හමුවීම මට ගොඩක් විශේෂිත වූ නිසා.
                                               දියවන්නාවේ පිහිටි "වෝටර්ස් ඒජ්" හෝටලය යන්තමට තුනට පහක් විතර තියෙද්දි ගොඩවුනා හම්මෙ බලන්න එපැයි සිරියාව පුදුමාකාර උත්කර්ෂවත් විදියට සරසලා. ඇතුල් වෙනකොටම වේටර් ළමයා දුන්නා බොර පාට වෙච්චි බීම එකත් අතේ තියාගෙන පිටි පස්සෙම පේලියට වෙලා බැලුවා ඇන්ටනාව කරකවලා ඒත් ඉතින් එහෙම බැලුවා කියලා දන්නවයි එකෙක් වත්. අහළ පහළ හිටපු දෙතුන් දෙනෙකුනුත් ඇහුවත් උනුත් බොලොග් ලියන උන් නෙවෙයි.
                            ආන්න එතකොට දැක්කා ගල් තොප්පියක් දාලා ෆේස් බුක් එකේ ඉන්න හුරුපුරුදු කෙනෙක් ඒ කව්රුත් නෙවෙයි මෙය සංවිධානයේදි ලොකු වැඩ කොටසක් කරපු කල්‍යාණ මිත්‍ර. ඔන්න ගිහින් කතා කරයි කියමුකෝ මන් මුලින්ම ඇහුවේ අපේ කවි ලියන දුමී ආවද කියලා. ඒත් දුමී ඒ වෙලාවෙ නොහිටපු නිසා මන් ගිහිල්ලා ආයෙත් ඈදි ගත්තා.

27 March 2017

භීතියෙන් ලියමි

                         
මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි  මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක.  ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
                                                        ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
                                 මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.

සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ


16 March 2017

ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත (18+)


මගේ පොඩි එකීගෙම
වයසෙම නුඹ උන්නට
පවක්වනු කිම මා උන් හැදුවේ
ගෑනීගෙ  මලගමට පසු
පන මෙනි රැකගෙන
ඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොට
මගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක් 
හිත කොනකවත් නොතිබුණූ හින්දම
දවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන 
මන් නුඹ සොයා ආවෙ 
මගේ සැනසීම
මධුවිතත් නුඹත් පමණක් හින්දම
කරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනට
සුරාන්තයට ගෙන යමි  ගැටයෙකුටවත් නොහැකි ලෙස
වෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුට
නොසිතමි නුඹට
 මා හා රමණය පිළිකුලක් බව
මත්වී සිස් වූ බීර බදුනත් විසික් කොට ඇදමුල්ලට
සිතුසේ නුඹේ සුව විදගනිමි අද දරදඩු දැහැනින්  ළගට ගෙන
දෙතොල් මන මත් කරයි
 චුම්නයක් ඇහැකිද දෙතොලට
නොරිස්සුම් ගෙන බැනුමට දෙයක් නොවෙයි කෙල්ලෙ
හැම මාසෙකම එන එකෙක්නෙ මම
හෙටක් ගැන ඉරක් පායනු නැති නාට්ටාමියෙකුගෙ ජීවිතයට
සැනුසුම නුඹත් මී විතත් පමනකි රිදුම් දුන්නට
සමාවෙයන් මට

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

ප.ස. -  ජර්මානු ජාතික Sandra Hoyn බංගලිදේශයේ ගණිකා නිවාස කලාපයක් තුළ සංචාරය කරමින් ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අතිශය කතාබහට ලක් වී ඇත.මින් ඉහත සදහන් ජායාරූපය ඔහු ලබාගත් ජායාරූප අතරින් දහසකුත් දෑ කතා කරන ජායාරූපයකි.  එහෙත් එය තුළ වූ ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අපගේ විදග්ධ සමාජය තවමත් හරියට කියවා නැත. ඇයගේ සිතට මෙන්ම ඔහුගේ සිතටත් කතාවක් ඇත. ඒ කියවීම ලැබූ නිදහස් සමාජයට වික්ටර් රත්නායකයන් වැන්නෙකුගේ විවාහය තලු මැරීමට තරම් වන් දෙයක් නොවනු ඇත. 

06 March 2017

කණ්නාඩි දාපු ලස්සන කෙල්ලෙක්


                                        ඔව් මන් කියන්න යන්නේ කතාවක් ඒක රස කතාවක්වත්,දුක හිතෙන කතාවක්වත් නෙවෙයි. තාම ඒක ස්පන්ධනාත්මක කතාවක්.මොකද මේ කතාව තියෙන්නෙ අතීතයේවත් අනාගථයේවත් නෙවෙයි. වර්ථමානේ සහසුද්දෙන්ම මේ දැන්. මන් ඉන්නෙ ලැපට බර දාලා කොටන ගමන්, ස්ටේශමේ. එතකොට කෙල්ල ඉන්නෙ මට ඉස්සරහින්. දැන් තේරෙනවා ඇතිනේ මේක තාමත් ස්පන්ධනාතමකයි. 
                                                            මගේ ලැප් එකේ වැදගත් කියලා දේකට තියෙන්නෙ එක්සෙලුයි, වර්ඩ් එකයි , අඋට් ලුක් එකයි විතරයි.ඒත් කෙල්ල ඒක දන්නෙ නෑනෙ. මන් හදන්නේ කෙල්ල ඉස්සරහා ලැප් එක දාගෙන සමාජීය චින්තනයේ මිලේනියම් පොශ් පොරක් වෙන්න. ලැපට කැපෙන වාරිකේ නිසා මාසේ අන්තිමේට ලෙල්ල හුටං වෙන්න එරෙන බව කෙල්ල දන්නෙ නෑනෙ. ෆ්බී එකේ "බොරු සෝබන නැති මගේ ජීවිතේ දාහෙන් සම්පතක්" කියලා අමු රැඩිකල් වදන් ශෙයාර් කරාට. පට්ට කෑල්ලක් ලයින් කරගන්න මේම කරන්න වෙනවා. හරි සිත නිවන කතාවක් වෙන්න පුළුවන් කොහොමත් මේම දැන් වෙනවා.

17 February 2017

සිරිපා කරුණාවේ බැදි සෙනෙහේ


නවම් සුළගට සිත රැදි රස රහසක උණූසුමට
පැතුම් ලෙස සොදුරිය යමු මුනි සිරිපා වැදුමට
සිතුම් ලෙස සිරිපා ගමේ සිට  එකළග හෙමිහිට
වැදුම් දෙන්නට යමු හෙමි හෙමින්  සිරිපා මුදුනට

නඩයෙන් වෙන්වී එකට හිද ලගදී ඉදිකටුපහන
විගහින් ගමු සෙල්ෆියක් කාටවත් නොපෙනෙන්න
සීතලෙන් වෙලී  ඇති මොහොතකදී නුඹ වෙව්ලන
කබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්න

සීතගඟුලේ සීත වතුරෙන්  දිය ගෙන සැනසෙන
නලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙන
සීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙන
වදුලේ තුරුලු කරගමි උණූසුම දෙමි නුඹ සනසන

පහුරු සේ අත් අල්ලා හැරමිටිපානේ දී නම් හොදටම
අමාරු  වෙයි  ඇයි සුදු කෙල්ල  බතලත්නේ නුඹ බෝම
වාරු  දී නුබේ සියුමැලි දෑත ගෙන හෙමි හෙමින් මම
කව්රු බෑ කීවත් යමි නොනැවතී ඇහෙළේ කණූව ලගටම

වෙලිලා මීදූමේ ඇහෙළේ කණූව ළග වෙව්ලන
ඇවිලිලා මෙන් දැනෙයි මගෙ හද පෙම් පුරන
පැටලිලා වගේ නුඹ මගේ තුරුලටම ගෙන
බීලා මෙන් මී ආසයි නුබේ දෙතොල් සිපගන්න

විසිරිලා වගේ බැතිමතුන් ඇත හැමතැන ඉන්න
ළංවෙලා  කොහොම එනිසා මම නුඹව සිපගන්න
පේවිලා නගින බැතිමතුනගෙ සිත් නොතැලෙන්න
එක්වීලා බොමු උණූ කෝපියක් සීතල යන්න

පැමිණීලා වාරු ගෙන අහස්ගව්ව නැගගෙන
තුටුවීලා වදිමු මුනිදුගෙ සිරි පා පද්ම බැතියෙන
වෙන්වීලා ගියත් හැමදාටම නුඹ හමුවෙන්න
එක්වීලා පුළුවනිද මා හා නුඹට ජීවිත කන්දේ යන්න

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

09 February 2017

සයිටම ගැන අම්මට - About SAITM


සයිටම කියා ලොකු වැනුමකි පාරේ 
අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේ
මුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේ
එකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේ
ඒත්
ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේ
කෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙ
ඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙ
දියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේ
හැම
 ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේ
දිනන දාට කිරිබත් කා බී සළු වෙන්නෙ
ආදා පටන් මොකත් නෑ අපේ අම්මේ සලකන්නෙ
නිල් රතු කොළ පින්තූර ටික දාපන් බන් කුණූ මුල්ලෙ
හොද
දොස්තර නැත අම්මේ වාට්ටුවේ
ඩිස්පැන්සරියේ  දොස්තරනම්  පොඩි එවුන්ට ටොපියක්වත් දෙන්නෙ
ඒ හාමුදුරුවන්ගෙ දරුවත් සයිටමටමයි යන්නෙ
නඩු කී නඩ්ඩගෙ පොඩි එකත් දැන් සයිටමේ දෙක වසරේ
හෙද
කලා,වානිජ,ඉන්ජෝන්ගේ  ඩිග්‍රී
දැන් විකිණිලා  බන් අම්මෙ සෑහෙන කල්නෙ
ඔන්න ඔහේ සයිටම ගැන විතරද සිරියලා දැක්කෙ
ඩිස්පැන්සරියේ එකාවත් කවදද බන් බෙහෙතක් අඩුවට දුන්නේ
අපි
දැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ
අපි පත් කරපු එකාලා දන්නවා ඒකයි උන් එය තිතටම කෙරුවේ
දැන් ඇති අනේ බන් උන් ගැන මේ කරුමේ
කරවල හට්ටිය බා පන් බන් රොස්වුනොතින් නොනිවෙයි කුස අද බඩගින්නේ

--------------------------------------------------------
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook