බොලොග් තුළට විවිධ රැළි,කුණාටු, සුළි සුළං හමාගෙන එනවා. ඉතින් සොදුරු සදවතීගේ මේ වික්ටර් ගී අභියෝගයත් එහෙම බොලොග් හරහා පැතිරගෙන ගිහිල්ලා අද මගේ බොලොග් එකටත් ගොඩ වැදෙන ප්‍රේමණීය සුලගක් . ඒ තුළ මා ජනිත වූ අනන්දනීය බව තුළ ඔබත් අතරමන් කිරීමටයි මගේ මේ වෑයම.
මුලින්ම මගේ රසවින්දනය ගැන කීවොත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ සිට ක්ලෑරන්ස්, රූකාන්තයන්ගෙන් පසු භාතිය සංතුෂ් හරහා අද හෙළ සංස්කෘතිය විනාස කරනවයි කියන කුණුහර්ප රැප් කියන කියන ෆිල් ටී,පදනම,හතලිස් හතර කල්ලිය,ප්‍රසා වැනි වුන්ගේ රැප් දක්වා ගමන් කරන්නක්.
ඔය හැමෝගෙම මම අහන සිංදු වගේම,එච්චර කැමති නැති, සමහර වෙලාවට කැමතිම නැති ගීත තියෙනවා. ඒත් ඉරි ඇදලා කොටු කරගත්තු රසවින්දනයක් මට නෑ. එක එක ශෛයිලීන් තුළින් ලැබෙන රස එකිනෙකට වෙනස්. මන් ඒ වෙන වෙන රස හොදින් රසවිදින්නෙක්.

1.මන් වික්ටර් රත්නායකයන්ගේ සුභාවිත ගීතයන්ගේ උන්මාදනීය උමතුවෙකු වෙන්නෙ මෙන්න මේ ගීතය හරහා. පසුබිමෙන් ඇහෙන්නේ බොක්ස් ගිටාර් දෙකක තත් පිරි මැදීමක් විතරමයි ඒ උමතුව තාමත් එහෙම්මයි. ඒ ස්පර්ෂය එහෙම්මමයි. පද තුල නැලවෙන ඒ සුමිහිරි සංගීතය. මන් එහි ආසම මෙතනට.
"ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ප්‍රේමයේ රුදු වේදනාවේ
කදුළු සයුරේ උල්පතයි"