29 April 2017

මට සමාවෙන්න මිස්


            මන් මේක ලියන්න ඇවිස්සුනේ කැලේ පිපුනු මල් ලියපු "මගේ ජීවිතේ පාට කළ අය"  ගැන ලිපිය කියවලා. මගේ ජීවිතෙත් පාට කරපු හුගක් මිනිස්සු ගැන මේ රෑ ජාමේ එකින් එක මතක් කරන්න පෙළබුනේ ඉන් පස්සෙ.
                      මන් පාසලේ ඉගෙන ගත්ත සමහරක් ගුරුවරුන්ට මාව හරියන්නෙ නැද්ද කොහෙද. සමහර වෙලාවට සාධාරන හේතු නොතිබුණාම නෙවෙයි ඒත් පහ වසරේ උගන්නපු සරත් කියලා ගුරුවරයෙක් ගැන තාම මගේ හිතේ තියෙන්නෙ පිලිකුලක් මිශ්‍රිත හැගීමක්.  ඒත් ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා අදටත් අපි අළුත් අවුරුද්දකටවත් ඔහුන්ගේ ගෙදරක නොගියත් හම්බෙන්නෙ පාරෙද,ගෙදර ද කියලා තැනක් නොතැනක් බලන්නෙ නැතිව පැය, දෙක විහිළු තහළු කරමින් කතා කරන.
                                        සමහර ගුරුවරුන් හා අද තියෙන්නෙ ගුරුවරයා අභිබවා ගිය අතිජාත මිත්‍රයෙකුගේ බැදීමක්. මන් ලියපු බාලිකා ළමා නිවාසයේ කාලගෝට්ටිය , බඹර පදම,බලු පදම සහ කබර පදම  වගේ කතා වල ඉන්න සෙට් එකේ ඉන්න මගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා අපේ ගෙවල් ළගම ඉන්න මගේ ගිණුම්කරණ ගුරුවරයා.ඒ එක් එක් ගුරුවරු ගැන වෙන වෙනම ලියන්න ඕනෙ. නැත්තම් ඒක ඔහුන්ට කරන අසාධාරණයක්
                       ඒත් අද මන් මේ ලියන්නෙ මට උගන්වපු ගුරුවරියන් දෙදෙනෙකු ගැන මට ඇති මතක.  මා ජීවිතේ දැඩිව කම්පනයට ලක් වූ අවස්ථාවක් සිදුවෙන්නෙ මින් එක් ගුරුවරියක සම්බන්ධව. මා ප්‍රමුඛවම මෙම ලිපිය ලියන්න පෙළබෙව්වෙ ඇය හා වූ මතක. ඒත් මොවුන් දෙදෙනාම එක්තරා කොන්දේසි විරහිත සෙනෙහසක්,රැකවරනයක්  මා කෙරෙහි වූ නිසා  මොහුන් දෙදෙනා ගැනම නොලියම බෑ.
                                                තාමත් ඔහුන් මට එතරම්ම ආදරේ කරේ ඇයි දැයි කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් මන් ඔහුන් දෙදෙනාටම පෙරළා එතරම්ම ආදරේ කරන්නෙ ඇයි දැයි කියලා මට කියන්න ඕනෙ. ඒ වගේම මට එක් ගුරුවරියගෙන් සමාව ගන්නත් ඕනෙ. ඔව් ඒකට හොදම ක්‍රමේ මේක.ඔබටත් තේරේවි ඒ ඇයි දැයි කියලා කියවනකොට.

21 April 2017

මැතිදානෝ සැපගති...අපේ ඈයෝ කෙලවගති....


ලෙවැකති රැසැති
කුණු
උන් දිවගින්
ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකි
උන්හට
 කුණූ ගොඩකින්
කූණූ වී ගිය ඔජස
පැතිරැති  හැමතැන දුගදින්
නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇත
දියවන්නාවේ
මැද
ඕජස
ගලමින්
ජීවත්වෙන්නට අද සටනකි
 එදිරිව ගඟ මැද පිහිටි
 කුණුගොඩකින්

කුණුගොඩටම යයි හිගමින් හැතිකරෙ
හැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්
ගිය පසු උන්
කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හට
ඉන්දියන් සාගරේ
කුණූ පාටැති මුතු ඇටයෙන්
....................

-රෝමාන්තික රස්තියාදුකාරයා-

08 April 2017

වික්ටර් රත්නායක සහ මගේ ප්‍රේම කතාව

                                          බොලොග් තුළට විවිධ රැළි,කුණාටු, සුළි සුළං හමාගෙන එනවා. ඉතින් සොදුරු සදවතීගේ මේ වික්ටර් ගී අභියෝගයත් එහෙම බොලොග් හරහා පැතිරගෙන ගිහිල්ලා අද මගේ බොලොග් එකටත් ගොඩ වැදෙන ප්‍රේමණීය සුලගක් . ඒ තුළ මා ජනිත වූ අනන්දනීය බව තුළ ඔබත් අතරමන් කිරීමටයි මගේ මේ වෑයම.
                   මුලින්ම මගේ රසවින්දනය ගැන කීවොත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ සිට ක්ලෑරන්ස්, රූකාන්තයන්ගෙන් පසු භාතිය සංතුෂ් හරහා අද හෙළ සංස්කෘතිය විනාස කරනවයි කියන කුණුහර්ප රැප් කියන කියන ෆිල් ටී,පදනම,හතලිස් හතර කල්ලිය,ප්‍රසා වැනි වුන්ගේ රැප් දක්වා ගමන් කරන්නක්.
                   ඔය හැමෝගෙම මම අහන සිංදු වගේම,එච්චර කැමති නැති, සමහර වෙලාවට කැමතිම නැති ගීත තියෙනවා. ඒත් ඉරි ඇදලා කොටු කරගත්තු රසවින්දනයක් මට නෑ. එක එක ශෛයිලීන් තුළින් ලැබෙන රස එකිනෙකට වෙනස්. මන් ඒ වෙන වෙන රස හොදින් රසවිදින්නෙක්.
                                           
1.මන් වික්ටර් රත්නායකයන්ගේ සුභාවිත ගීතයන්ගේ උන්මාදනීය උමතුවෙකු වෙන්නෙ මෙන්න මේ ගීතය හරහා. පසුබිමෙන් ඇහෙන්නේ බොක්ස් ගිටාර් දෙකක තත් පිරි මැදීමක් විතරමයි ඒ උමතුව තාමත් එහෙම්මයි. ඒ ස්පර්ෂය එහෙම්මමයි. පද තුල නැලවෙන ඒ සුමිහිරි සංගීතය. මන් එහි ආසම මෙතනට.

"ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ප්‍රේමයේ රුදු වේදනාවේ 
කදුළු සයුරේ උල්පතයි"


05 April 2017

විකසිත වුනු නෙළුම යාය සම්මාන උළෙලේ මගේ රස්තියාදුව


                                                             දැමිය යුතුම නෙළුම් යාය බොලොග් සම්මාන උළෙල ගැන පෝස්ට් එකක් දාන්න පරක්කු වුණේ මග හරින්න බැරි වැඩ ගොඩක් පහුගිය දවස් ටිකේම යෙදිලා තිබ්බ නිසා. මේ සම්මාන උළෙල මට අතිශය විශේෂ වන්නෙ සම්මානයක් හම්බුණු නිසාමත්ම නෙවෙයි හැංගි හොරා පෝස්ට් දාන බොලොග් කරුවන් විශාල පිරිසක් දැක ගන්න වගේම කතා බහ කරන්නත් හම්බුනේ එදා නිසා.  හුග දෙනෙක් මේ ගැන පෝස්ට් දැම්මත් මමත් දාන්නෙ මගේ මුල්ම බොලොග් කරුවන් හා වූ හමුවීම මෙය නිසා සහ මෙම හමුවීම මට ගොඩක් විශේෂිත වූ නිසා.
                                               දියවන්නාවේ පිහිටි "වෝටර්ස් ඒජ්" හෝටලය යන්තමට තුනට පහක් විතර තියෙද්දි ගොඩවුනා හම්මෙ බලන්න එපැයි සිරියාව පුදුමාකාර උත්කර්ෂවත් විදියට සරසලා. ඇතුල් වෙනකොටම වේටර් ළමයා දුන්නා බොර පාට වෙච්චි බීම එකත් අතේ තියාගෙන පිටි පස්සෙම පේලියට වෙලා බැලුවා ඇන්ටනාව කරකවලා ඒත් ඉතින් එහෙම බැලුවා කියලා දන්නවයි එකෙක් වත්. අහළ පහළ හිටපු දෙතුන් දෙනෙකුනුත් ඇහුවත් උනුත් බොලොග් ලියන උන් නෙවෙයි.
                            ආන්න එතකොට දැක්කා ගල් තොප්පියක් දාලා ෆේස් බුක් එකේ ඉන්න හුරුපුරුදු කෙනෙක් ඒ කව්රුත් නෙවෙයි මෙය සංවිධානයේදි ලොකු වැඩ කොටසක් කරපු කල්‍යාණ මිත්‍ර. ඔන්න ගිහින් කතා කරයි කියමුකෝ මන් මුලින්ම ඇහුවේ අපේ කවි ලියන දුමී ආවද කියලා. ඒත් දුමී ඒ වෙලාවෙ නොහිටපු නිසා මන් ගිහිල්ලා ආයෙත් ඈදි ගත්තා.

27 March 2017

භීතියෙන් ලියමි

                         
මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි  මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක.  ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
                                                        ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
                                 මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.

සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ


16 March 2017

ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත (18+)


මගේ පොඩි එකීගෙම
වයසෙම නුඹ උන්නට
පවක්වනු කිම මා උන් හැදුවේ
ගෑනීගෙ  මලගමට පසු
පන මෙනි රැකගෙන
ඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොට
මගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක් 
හිත කොනකවත් නොතිබුණූ හින්දම
දවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන 
මන් නුඹ සොයා ආවෙ 
මගේ සැනසීම
මධුවිතත් නුඹත් පමණක් හින්දම
කරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනට
සුරාන්තයට ගෙන යමි  ගැටයෙකුටවත් නොහැකි ලෙස
වෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුට
නොසිතමි නුඹට
 මා හා රමණය පිළිකුලක් බව
මත්වී සිස් වූ බීර බදුනත් විසික් කොට ඇදමුල්ලට
සිතුසේ නුඹේ සුව විදගනිමි අද දරදඩු දැහැනින්  ළගට ගෙන
දෙතොල් මන මත් කරයි
 චුම්නයක් ඇහැකිද දෙතොලට
නොරිස්සුම් ගෙන බැනුමට දෙයක් නොවෙයි කෙල්ලෙ
හැම මාසෙකම එන එකෙක්නෙ මම
හෙටක් ගැන ඉරක් පායනු නැති නාට්ටාමියෙකුගෙ ජීවිතයට
සැනුසුම නුඹත් මී විතත් පමනකි රිදුම් දුන්නට
සමාවෙයන් මට

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

ප.ස. -  ජර්මානු ජාතික Sandra Hoyn බංගලිදේශයේ ගණිකා නිවාස කලාපයක් තුළ සංචාරය කරමින් ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අතිශය කතාබහට ලක් වී ඇත.මින් ඉහත සදහන් ජායාරූපය ඔහු ලබාගත් ජායාරූප අතරින් දහසකුත් දෑ කතා කරන ජායාරූපයකි.  එහෙත් එය තුළ වූ ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අපගේ විදග්ධ සමාජය තවමත් හරියට කියවා නැත. ඇයගේ සිතට මෙන්ම ඔහුගේ සිතටත් කතාවක් ඇත. ඒ කියවීම ලැබූ නිදහස් සමාජයට වික්ටර් රත්නායකයන් වැන්නෙකුගේ විවාහය තලු මැරීමට තරම් වන් දෙයක් නොවනු ඇත. 

06 March 2017

කණ්නාඩි දාපු ලස්සන කෙල්ලෙක්


                                        ඔව් මන් කියන්න යන්නේ කතාවක් ඒක රස කතාවක්වත්,දුක හිතෙන කතාවක්වත් නෙවෙයි. තාම ඒක ස්පන්ධනාත්මක කතාවක්.මොකද මේ කතාව තියෙන්නෙ අතීතයේවත් අනාගථයේවත් නෙවෙයි. වර්ථමානේ සහසුද්දෙන්ම මේ දැන්. මන් ඉන්නෙ ලැපට බර දාලා කොටන ගමන්, ස්ටේශමේ. එතකොට කෙල්ල ඉන්නෙ මට ඉස්සරහින්. දැන් තේරෙනවා ඇතිනේ මේක තාමත් ස්පන්ධනාතමකයි. 
                                                            මගේ ලැප් එකේ වැදගත් කියලා දේකට තියෙන්නෙ එක්සෙලුයි, වර්ඩ් එකයි , අඋට් ලුක් එකයි විතරයි.ඒත් කෙල්ල ඒක දන්නෙ නෑනෙ. මන් හදන්නේ කෙල්ල ඉස්සරහා ලැප් එක දාගෙන සමාජීය චින්තනයේ මිලේනියම් පොශ් පොරක් වෙන්න. ලැපට කැපෙන වාරිකේ නිසා මාසේ අන්තිමේට ලෙල්ල හුටං වෙන්න එරෙන බව කෙල්ල දන්නෙ නෑනෙ. ෆ්බී එකේ "බොරු සෝබන නැති මගේ ජීවිතේ දාහෙන් සම්පතක්" කියලා අමු රැඩිකල් වදන් ශෙයාර් කරාට. පට්ට කෑල්ලක් ලයින් කරගන්න මේම කරන්න වෙනවා. හරි සිත නිවන කතාවක් වෙන්න පුළුවන් කොහොමත් මේම දැන් වෙනවා.