27 March 2017

භීතියෙන් ලියමි

                         
මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි  මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක.  ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
                                                        ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
                                 මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.

සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ


68 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ++++++ මෙව්වා ටිකක් පමණක් පෙනේ.හමුවීම බොහොම සතුටකි.

      Delete
  2. බලා සිටිමි රෝමා ^_^………
    සතුටුයි ඔබගේ ජයග්‍රහණයට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුශි.අරුශිත් දිගටම ලියන්න

      Delete
    2. ස්තූතියි ඔබේ සහයෝගයට රෝමා

      Delete
    3. මොනාද බන් මන් දෙන සහයෝග???????

      Delete
  3. අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්. ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා

    රෙදි ඇන්දගෙන ඔතනට එන්නේ කොහොමද නියම බ්ලොග් කාරයෝ කොට

    ReplyDelete
    Replies
    1. නොදන්න දේ ගැන කතා කළ නොහැක

      Delete
  4. ඉතිං ඉක්මනට ලියන්නැයි තර්ජනය කරමී :)

    ReplyDelete
    Replies
    1. ලියන කවි මෙන්ම සුන්දර,ළෙන්ගතු බොලොග්කාරියකි...ඔබ ගැනද ලිවීමට ඇති දෑ බොහෝය...

      Delete
  5. උඹ යහතින් ඉන්නවා නේ , ඒ මදැයි හැක

    ReplyDelete
    Replies
    1. යහතින් සිටිමි. ඉවාන් හා කතාබස් කිරීමත් බොහෝ සතුටකි.

      Delete
  6. තොයිලයක් නටන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. තොයිල් නටන්න වෙන්නෙ මේ සතියෙදි නෙවෙයි. රිසාල්ට් ආවම.
      හමුවීමට ආසාවෙන් සිටියෙමි....

      Delete
  7. Replies
    1. අනිවාර්යෙන් දානවා සදනි

      Delete
  8. කන සාක්කුවට දාගෙන යන ගමන් අජිත් අයියන්ඩි බස්සලා බොරැල්ලේ කලර් ලයිට් එක ලග ඉදලා ඩිසල් නැති උන වැන් එකක් ෂෙඩ් එකට තල්ලු කරන්න උන වෙලාවේ මට තිබුන ආතල් එක උබට හිතා ගන්න පලුවන්ද

    ReplyDelete
    Replies
    1. එහෙව් ආතල් වගේද බලන්නකෝ අපි ගත්ත ආතල් එක. ලබන සතියෙම දාන්නම්. ඉන්න තැනක කිසි කම්මැලි කමක් නැති සුපිරිම චරිතයක් තමයි අයියා. එදා දුන්නු ආතල් වලට මට ගෙදර ගිහිල්ලත් හිනා. අර මුශ්ලිම් හා&&ගේ බණ කතාව, හාමුදාවේ කෝපල්ගෙ කතාව හම්මේ ඒ වගේද මොනිකගේ VAT 69 එක සුපිරිම හොදේ........

      Delete
    2. උබගේ මේ කෙමෙන්ට් එක මට සම්මානයක් ලැබුනා වගේ වටිනවා....උබ වගේ මගේ ඒ කතා වලට වටිනකමක් දෙන තව එකෙක් ඉයන් ...උත් දැක්ක තැන මෙන්ඩ අර කතාව කියහන් කියනවා

      Delete
    3. එතන හිටිය ඔක්කොගෙම සම්මාන මන් හිතන්නෙ උඹට තමයි අයියේ... මොකද මලගෙදරක හිටියත් එතන හිනා සාගරයක් මවන්න පුළුවන් කෙනෙක් තමයි උබ...

      Delete
  9. ඉන්නෙ නම් මේකා දෙකට ගනින්න බෑ වගේ..ඒ වුනාට කොහොමද වැඩ...
    හොඳයි භීතිකාව අහවර වෙලා එන්නකො....

    ReplyDelete
    Replies
    1. හම්මේ හමුවීම ලොකු සතුටක් ඉවර වූනාම හිටියේ නෑනෙ මන් බැලුවා සුභ පතන්න

      Delete
    2. රෑ වෙද්දි මට වාහන ධාවනය ටිකක් අමාරුයි...හතළිස් ඇඳිරියත් එක්ක...ඉතින් මම ඉක්මනටම ගියා...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හෑ....විසි ගණන් වලදිම හතලිස් ඇදිරියත් එනවද...:0

      Delete
  10. හමුවීම ගැන සතුටියි. ඔබගේ ජයග්‍රහණයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔබ හමුවීමත් සතුටක්. ආරම්භයේදීම ගෙදර නැවතීමටත් කළ ආරාධානයට ස්තූතිවන්ත වන්ත වෙමි.

      Delete
  11. මම එදා ආපු හැටියෙ අසංග අයියගෙන් රෝමවයි දුමීවයි දැක්කද කියලා ඇහුවා... ඔයාලව හම්බෙන්න පුදුම ආසාවකින් මම හිටියෙ... ඔයා සම්මානෙ ගන්න යද්දි තමා මුලින්ම දැක්කේ... එතකිට නෝට් කරගත්තා අනිවාර්යයෙන්ම හම්බෙලා කතාකරනවා කියලා... මගෙන් උණුසුම් සුබ පැතුම් ජයග්‍රහණයට...

    ReplyDelete
    Replies
    1. මමත් දුමියත් එක්ක කතා කරා මිතිල උදේ අප්සෙට් පෝස්ට් එක දාල තිබ්බා ඒවිද දන් නෑ කියලා. උබ වගේම ටෙක් සයුර හමුවීමත් ලොකු සතුටක්. ටෙක් සයුරේ ලින්ක් එක දාපන්කෝ මට හොයාගන්න බෑ

      Delete
  12. මොනා කරන්නත් කලින් භීතිකාවට බෙහෙත් ගනින්, රෝමෝ..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බෙහෙත් හම්බෙයි තව මාස කීපයකින්. ස්තූතියි දුමී.....

      Delete
  13. සුබ පැතුම් රොමා රස්..:)

    ReplyDelete
    Replies
    1. ඔබ ලබපු ඒ සුවිශාල ජයග්‍රහණයටත් මගේ සුභ පැතුම්....ගිය සෙනසුරාදා වෙනකම් රන්දිල් යනු ඔබේ බිරිද යැයි සිතා සිටියේ......

      Delete
    2. මලා...රන්දියාගෙ හස්බන්ඩාත් එතන උන්නා..අනෙ මට මේක රන්දියාට පෙන්න ගන්න විදියක් නෑනෙව

      Delete
    3. රොමා,

      ආ..ඒක ගණං ගන්ට එපා..ගොඩ දෙනෙකුට එහෙම වැරදිලා තියනව...:)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. විසිරි,

      හෙහ්..හෙහ්...අමුතුවෙන් පෙන්නන්න දෙයක් නෑ...රන්දිල් සහ වාසනා දෙන්නම දන්නව ඔය වැරදීම් ගැන,. ගියපාර නෙලුම්යාය සම්මාන උළෙලෙදි කවුද අපේ සහෘදයෙක් වාසනාට කතා කලාලු "හලෝ ඉතිං කොහොමද රවී?" කියල

      Delete
    6. :-) අන්න ඒකයි. අපි වගේ එවුන් ඉතින් මතුපිටෙන්නෙ ඔක්කොම බලන්නෙ

      Delete
  14. අර කෙල්ලට මොකෝ වුණේ හැබෑට???

    ReplyDelete
    Replies
    1. එව්වා කියලත් බෑ නොකියත් බෑ චතුරන්ග.ෆුල් විස්තරේ පෝස්ට් එකකින්ම දාන්නම්

      Delete
  15. භීතිකාවක?

    මොකෝ මල්ලී සීන් එක ?

    තොයිලයක් වත් නටන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. පොඩ් එක්සෑම් එකක් අයියේ

      Delete
  16. කෝම කෝම හරි මේ නෙළුම් යාය නිසාම ඔන්න මට ඔයාවත් මුණ ගැහුනා මූණු පොතෙන් ඒකනම් සතුටට කාරනයක්.සුබ පැතුම් ජයග්‍රහණයටත් හොදේ. මගෙ චැලෙන්ජ් එකත් අමතක කොරනව එහෙම නෙවෙයි ඔන්න

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සුවක් ඇතැයි සොදුරු ඔයාගෙ දේවල් එහෙමත් අමතක කරන්න පුළුවනැයි. නෙලූම් යායෙදි හම්බෙයි කියලයි හිතුවේ

      Delete
    2. එන්න ආසාවෙන් සහ එන්න සිහින මව මව හිටියේ ඒත් කොහෙද එදාම වෙන උත්සවයකට යන්න උනා ඒක ඉවර වෙනකොටත් හවස 3 පහුවෙලා. ඊ ළඟ පාරවත් කට්ටිය හමුවෙන්න හීන මවනවා

      Delete
    3. ආ ම දැක්කා සම්මාන සහතික දාලා තිබ්බා. සුභ පැතුම් සොදුරු.....

      Delete
  17. සුබ පැතුම් ජයග්‍රහනයට

    ReplyDelete
  18. රස්තා උඹට මගේ සුභ පැතුම්. මොකක්ද උඹේ භීතිය කියපන් බලන්න.

    ReplyDelete
    Replies
    1. පොඩි එක්සෑම් එකක් එදා හොරෙන්ම පැන්න නෙ

      Delete
  19. සුභ පැතුම් මිත්‍රයා... භීතිකාව ඉවරකරන් ලියපන් වෙච්ච දේ අපිටත් කියවන්න... අයෙත්... හදවතින්ම සුභ පැතුම් මිත්‍රයා... ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් පිලෝ ඊලග සතියෙ දානවා

      Delete
  20. හමූවෙන්න ලැබිච්ච එක ලොකු සතුටක් මචං... ලබපු ජයග්‍රහනයටත්, තව අලුත් නිර්මාණ බිහිකරන්නත් මුලු හදවතින්ම සුබ පතනවා...
    විභාගෙ හොඳට ලියන්න...
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං.උබටත් තව තවත් අපේ ටෙක්නිකල් දැනුම වැඩි කරන්න ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  21. භීතිකාව අහවර කරගෙන ලියන්න එන්නකෝ

    ReplyDelete
    Replies
    1. දැන් අහවරයි යාත්‍රා

      Delete
  22. Ayye mn aththmai dnne na oyge jayagrahanaya mokkd kiyl..ane gaththata anukmpa krl e mokkd kiynnko..mamath asai suba pathanna

    ReplyDelete
  23. Ayye mn aththmai dnne na oyge jayagrahanaya mokkd kiyl..ane gaththata anukmpa krl e mokkd kiynnko..mamath asai suba pathanna

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය බොලොග් සම්මාන උළේලේ කාලීන සංවාද අංශයේ ප්‍රථම ස්ථානය

      Delete
    2. ඔයාට මගෙ හදවතින්ම සුභපතනවා අයියෙ..තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..සුභපැතුම්

      Delete
    3. නිකම්ම නිකන් සුභ පැතුව නෙමෙයි මට ඇත්තටම හරිම සතුටුයි..ඒ ඔයාගෙ ලිපි මං හුඟාක් ආසවෙන් කියවන නිසා වෙන්ඩ ඇති..සුභ පැතුම් නැවතත්!!!!!

      Delete
    4. බොහොම ස්තූතියි සදනි, ඔබේ කියවීම වගේම දිරි ගැන්වීමත් වටිනවා

      Delete
  24. සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete