30 June 2018

ෆිල්ටිගෙ මල්ලී සෝමාලියාවට පාන් දමයි - Malli | මල්ලි - Fill T - 18+


                                                           මන් සිංහල රැප් හී ඉතිහාසය හා වර්ථමානය දක්වා ලිපි පෙළක් ලිවීමට සිතා සිටියෙමි. සැබැවින්ම සින්හල රැප් නොමැතිනම් සිංහල හිපොප් හී මුල් කාලීනවම සිට රසිකයෙක් වශයෙන් මගේ හිතේ  ඒ සම්බන්ධයෙන් ලිවීමට ඇති දහසකුත් දේ ඇත. මන් කෙදිනක හෝ ඒවා ලියා තබමි. එහෙත් Fill-T නැමැති රැප් ගායකයා දමන ලද මල්ලී නැමැති මියුසික් වීඩියෝව මේ වන විට රටම කලබා ඇති බැවින් ඒ ගැන යමක් ලිවීම සිතුවෙමි. හුදෙක් මේ මාගෙ අදහසය. එම අදහසේ ඔබ නොමැති වීමේ සම්භාවිතාව 80% කටත් වඩා වැඩිය.
                              එහෙත් අතිශය කර්කශ ගමනකට පසු සි‍ංහල රැප් පැමිණ තිබෙන්නෙ ස්වර්ණමය යුගයකට. අදට වඩා හෙට ඊටත් වඩා දිදුලනු ඇත. එහෙත් කකුලෙන් අදින වල කපන ආත්මාර්ථකාමී කාලාකරුවන් සහ තමා කැමැති සංගිතය පමණක් සිරි ලංකාවේ රජ කළ යුතු යැයි සිතන ආත්මාර්ථකාමී රසිකයින් ගැන සිතා ෆිල් ටී ගේ මල්ලී ගැන මෙසේ සටහනක් තබමි.
                               ශ්‍රී ලංකාවේ රැප් යන්න මන් දන්නා ආකාරයට මුලින්ම ගෙනාවේ භාතිය,සංතුෂ්ලා සහ මිලේනියම් බෝයිස් ලා යන දෙපිරිසය. එයිනුත් මිලේනියම් බෝයිස්ලා ඒ කාලෙම හැලී යනවාය. මා ඇසූ මුල්ම සින්හල රැප් ගීය ඇසූවේ භාතිය සංතුෂ්ලගෙන්ය. එයිනුත් දැනට මතකයේ ඇති මුල්ම සිංහල රැප් ගීය "සිරිසග බොධි මාළිගාවෙදි" යන පැරැණි නූර්ති ගීතයේ නව නිර්මාණයයි.

22 June 2018

සම්මත අසම්මත


අසම්මතයක සිට
සම්මතයට ආල
කරන ඔහු.........
සම්මතයක සිට
අසම්මතයට ආල
කරන ඇයට
සම්මතයක සිට
අසීමිත ආලයක්
අසම්මතයෙක්
ලෙස.......

-ගිම්හාන් ලහිරු-

සැ.යු - මේ කවිය ඉතින් මගේ නෙවෙයි.සමහරවිට මතක ඇති අර ඉස්සරනුත් මගේ බ්ලොග් එකේ කවි ලිව්ව රොබින් කුරුල්ලා තමයි මේ.මල රෑ ඒ කියන්නෙ අද උදේ පාන්දර 1.22 ට තමයි මට මේ කවිය එවලා තිබ්බෙ. ඒ වෙලාවෙ හිතිලා. ඒ වෙලාවෙම ලියලා. මට ඒ අමු ගතියෙ තියෙන රහ වැඩියි.  ඒකයි මන් ඉතින් උඹලටත් වෙච්ච සිද්ධියම කිව්වෙ. එල හොදේ...රහ ඇති කවියක්.....

10 June 2018

ගෘහස්ත ගණිකාවණි එන්න සමනළයින්ට වෙඩි තියන්න


එන්න සමනළයින්ට 
වෙඩි තියන්න
පපුවෙ හරි මැදටම
ඉලක්ක කරලා
වෙඩි තියන්න
ගිහින් නන්නත්තාරේ 
ආයෙත් ඇවිදින් කිසිවක් 
නොවුවෙකු සේ
තවත් කතා දහසක් කිය කිය ගොතපන්
වෙඩි තිබ්බා මදිනම් චප්ප කරලම දාපන්
පිළිකුල් ආත්මයකට
පෙම් බැදි
ඒ අහිංසක හදවත

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

24 May 2018

සමනළ ගැටය


සිත ලිහුව
මගෙ නොවුන
මට පෙම් නොකළ
මුත් මම ලිහුව
කාගේ කවුරුදැයි 
නොදනිමි ඒ
සමනළ ගැටය

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

18 May 2018

නිරුවත් අටවක


නිරුවත් අටවක
සොදුරුය
මිහිරිය
හැමදා පායා දිලිසෙන 
පුන් සදටත් වැඩියෙන්

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

10 May 2018

ආදරයක් පාට කරන්න



මගේ සඳ ඔබමද....?
ඔබේ සද මමමද.....?
එසේ නම් ඇය හට
කියන නම කුමකද....?



-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

02 May 2018

ඒක ලා පාට සඳක්.........


සඳ තියෙන්නෙ
 විදගන්න
නොදන්නම විදියට 
හැමදාමත් ඉන්න
පාලුවක් දැනෙන රෑකදි විතරක්
 ඒ එලිය යට හීන මවන්න
ඔබ කියන්නෙ අහසක් 
වෙන්න ඇති
 දුරක හිද සිරි බලන
තරු කැට මැද
නුඹ දිදුලන සදකුයි 
හැමදාමත් සිත ගත්ත