11 December 2017

පෙදි මාස්ටර්ගෙන් කොන්ද පන ඇති තීරණයක්

                                         
                                                     දවස් පහක් තිස්සේ පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් රස්තියාදුකාරයා සිටින්නේ හොදටම හෙම්බත්වය.ඉකුත් සෙනසුරාදා බොලොග් ලිපියක් ලීවීමට සූදානම් වූයේ පවතින වැඩ වර්ජනය ගැන නවුතෙට එපාවී සිටි උදෑසනකය. එනම් ඒ පසුගිය සෙනසුරාදාය. ඒහි මාතෲකාව වූවේ "කෝච්චියක් වත් දුවවගන්න බැරි පෙන්දන්ගේ ආණ්ඩුවක්" යන්නය. මොකද අහවල් රජතුමාගේ කාලේ නම් පැන්ශොන් ගිය අන්කල්ලාගේ සිට හමුදාවෙ අයවලුන් හෝ පාවිච්චි කොට මුල් දවස අල වුවත් දෙවැනි තුන්වැනි දින වල ට්‍රේන් ටික ලස්සනට දිවෙව්වාය. 
                               එමෙන්ම මෛත්‍රීපාල යනු තමන් සමගවත් මහ ලේකම් තනතුරට ඉල්ලා එය දිනාගත නොහැකි වූ පෙන්දෙක් නොව පෙදි මාස්ටර් කෙනෙක් බව ඉකුත් ජනාධිපතිවරණයේදී කිව්වේ වර්ථමාන මෛත්‍රීපාල ජනාධිපති තුමන්ගේ රජයේ සමාජ සවිබලගැන්වීමේ සහ සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මැතිතුමාය.
                       ඒත් සෙනසුරාදා ලිපිය ලියන ගමන් දවසේ පත්තරය බැලුවයින් දැක්කේ දෑස් අදහාගත නොහැකි ප්‍රවෘත්තියකි. සිරිසේන තුමානෝගේ ලගදිම ගන්නවැයි ගන්නවැයි කිය කියා නෝන්ඩි වී හද්ද පීචං වූ දැඩි තීන්දු හමූවේ. එය කිසිසේත්ම සිතාගත නොහැකි ප්‍රවෘත්තියක් විය. කෙසේ වෙතත් එහි වූවේ දුම්රිය සේවාව අත්‍යාඅවශ්ෂ්‍ය සේවාවක් කිරීමය. ඊටනම් විසිල් පිට විසිල් ගැවුවත් මදිය.
                                      හැබැයි කිවයුතු දෙයක් වන්නේ ගත්ත තීරණය මොන මගුලක් නිසාවත් නැවතත් ආපස්සට නොගත යුතු බවය. අදත් බස්වල තෙරපී මිරීකි පැය දෙක තුනක් ලේට් වැදීගෙන වැඩට ආ රස්තියාදුකාරයාට මෙන්ම අනෙකුත් එවුනුත් හද්ද හෙම්බත් වී ආවත් කම් නැත ඒ කට්ට ටික කාලයක්ය.
                                                                නැත්තම් මේ රේල්ලුවේ සක්කිළි බල්ලන් හැමදාමත් මිනිස්සුවන්ව බිල්ලට දී තමන්ගේ මඩිය තර කරගන්නවාය. එවිට මාසේකට පාරක් මුන්ගෙන් හෙම්බත් වෙන්නේ අපිමය. මොකද කිසිම සම්බන්ධයක් නැති සයිටම් වලට පවා මුන් වැඩවර්ජනය කර සාමාන්‍ය මිනිස්සු අපහසුතාවයට පත් කරන්නෙ මුන් හෙන කෙරුමන් කියා සිතා විය යුතුය. 
                                                             ඇත්තටම මෙය මීට කලින් කිරිමට තිබූ දෙයකි. එහෙත් ඉකුත් රජයන්ද හිගන්නගෙ තුවාලය මෙන් මෙව්වා එහෙම්ම තියාගෙන හිටියේ.රට හදන්නට උන්ට කිසිම උවමනාවක් නැති නිසාත් එදා වේල ටුවර් ගසා රට පවතින තත්වයේම තබා ගැනීම උන්ගේ ගේම ගහ ගැනීමට වඩාත් හොද නිසාය. මගීන් වන අපිද හැම වැඩවර්ජනයකින්ම හෙම්බත් වූවාය, පරක්කු වී ගොස් පඩි කපාගත්තාය, රස්සාවල් කිරිල්ල එපා කරගත්තාය පැය ගණන් මීටර් සීයක් වත් හෙල්ලෙන්නෙ නැති බස් වල රස්තියාදු වූවාය. 
                                            ඒ අස්සේ රේල්ලුවෙ කාලකණ්ණි ඒ සාමන්‍ය මිනිස්සුන්ව බිල්ලට දී ලක්ෂ දෙකක දළ වැටුපක් දක්වා පඩි වැඩි කරගත්තාය, පයිලට් කෑල්ල නමට ඉස්සරහින් දාගත්තාය, ජේත්තුකාර කෝට් බෑයක් දාගත්තාය. අවසානයේදි පිය-පුතු පදනම මත තම දරුවන්ද රේල්ලුව ඇතුලටම රින්ගවාගත්තාය.  ඒ උන්ය.....  හැම දෙයක්ම දිනාගත්තේ වැඩවර්ජන කොට සාමාන්‍ය මිනිස්සුන්ගේ බොටුව මිරිකාය. ඒ අස්සේ හැමදාමත් වැඩ වර්ජනයන්ගෙන් හද්ද පීඩාවට පත්වෙන අපි වැඩ වර්ජන නිමා වූවායින් පසු නැවතත් සුපුරුදු පරිදි යයි. ඒ අස්සේ උන්  උන්ගේ ගේම ගේමක් නැතුවම ගසාගෙන සිට්යි.
                                  ඒ වනාහී රටේ පාර්ලිමේන්තුවේ ඉන්නා වල් සුනකයින් සේම සාමාන්‍ය මිනිස්සු බිල්ලට දී තම මඩිය තරකරගන්නා තවත් මේ රටේ ඉන්නා කාලකණ්ණි ප්‍රභේදයක්ය. දියවන්නාවේ කාලකණ්නි, සෞඛ්‍ය සේවයේ කාලකණ්නි මෙන්..මේ කාලකණ්ණින්ගේ ප්‍රභේදය රේල්ලුවේ කාලකණ්ණි වන්නේය.....
                                                  මේ ගත්තේ හොදම තීරණයකි. උන් සේවයට එන්නේ නැත්තම් හොදම දේ සේවයෙන් නෙරපීමය. ඒ බය හැම ඒකාටම ඇතිවූවායින් පසු උන් නකුට වනා වනා පස්සෙ දොරින්ම එනු ඇත. ඒ අතර දුම්රියක් එලවීම යනු හෙන සීන් එකක් යැයි සිතා සිටින ගොබිලන්ද බොහෝ වෙයි.  හදිස්සියකට හෝ එන්ජින් පෙට්ටියේ ගොඩ වූවෙකි වේ නම්  ඒහි බරපතල කමට පුපෙනුත් හිනාවෙනු ඇත.
                                                     ඒ නිසා යහපාලනය චොරේ චොර වී ගූ නා ගනිමින් ඇති කාලෙක ගත යුතුව ඇත්තේ ස්වර්ණමය තීරණයකි. ඒ නිසා ඉදිරියට ගත් පය ආපස්සට නොතබන මෙන් ඉතා ආයාචනත්මකව ආණ්ඩුවේ සිටින සියලූම නිළධාරින්ගෙන් මෙන්ම ජනාධිපතිගෙන්ද ඉල්ලා සිටිමි.
                                          ඔයිට වඩා මුළු පළාතකම වෘත්තීය සමිති  රන්ජන්ට එරෙහිව දිවුලපිටියේදී වැඩවර්ජන කරන්නට ගියත් සමාජජාලා වල නැගී සිටීමත් සමග නැට්ට පුපේ ගහගත්තාය. ඒ නිසා පවතින අවස්ථාවෙන් උපරිම ප්‍රයොජන ගනිමින් රේල්ලුවේ එවුන්ගේ නැට්ට කැපීමට එකතු වෙන ලෙස සාමාන්‍ය මිනිසා මෙහයවන, සාමාන්‍ය මිනිසා පරිශීලනය කරන සියළුම සමාජජාල අංශ වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.

-රෝමා-
RomanthikaRasthiyadukaraya/facebook

14 comments:

  1. නෙලුම් යායේ ඇ......ඩ් එකක් දාපන් උඹට සම්මානයකුත් එක්ක වැඩේ කෙරෙයි

    ReplyDelete
    Replies
    1. සම්මාන ඕනෙ නෑ බන් මුන් කරන බලු වැඩ තව එකෙක් හරි කියවලා දැනගන්න ඒක ඊට වඩා වටිනවා

      Delete
  2. තර්කය සාධාරණය. කට්ට කන්නේ අපිය. උන්ට සැපය.අනේ මන්දාය..

    ReplyDelete
  3. තර්කය සාධාරණය. කට්ට කන්නේ අපිය. උන්ට සැපය.අනේ මන්දාය..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචන් මේක තර්කයක් නෙවෙයි. මේ කාලකණ්ණි කරන කාලකණ්ණි අමන වර්ජන ගැන මහපොලොවෙ තියෙන තිත්ත ඇත්ත. මුන් ඉන්නකම් මේ ලංකාව මෙහෙම්මමයි

      Delete
  4. ඔබතුමා ජනාධිපති මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. තාමත් උඹලා මේ බල්ලො කරන අමන වර්ජනය දිහා බලන්නෙ දේශපාලන පක්ශ වලින්...
      මේ තියෙන්නෙ මේ වර්ජන්යෙන් හෙම්බත් වුණු සැබෑ මිනිහෙක්ගෙ කතාවක් මිස වෙන මොකුත් නෙවෙයි බන්

      Delete
  5. කල්පෙකට පස්සෙ මේ බ්‍රහස්පතින්දට හාහා පුරා කියල අපිත් කෝච්චි ගමනක් දාගෙන ඉන්නවා... අනේ ඉතින් අපිට බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සාමන්‍ය මිනිහට හැමදාමත් අබ සරණයි

      Delete
    2. ඈ ... දැන් බුදු හාමුදුරුවෝ කෝච්චි එලවනවැයි ?

      Delete
  6. රේල්ලුවේ කාලකණ්ණි නිසා හැමදාමත් වැඩ වර්ජනයන්ගෙන් පීඩාවට පත්වෙන්නේ අපි...ඔයා කියන තර්කයට මම එකගයි...රෝමා

    ReplyDelete
  7. රේල්ලුවේ කාලකණ්ණි නිසා හැමදාමත් වැඩ වර්ජනයන්ගෙන් පීඩාවට පත්වෙන්නේ අපි...ඔයා කියන තර්කයට මම එකගයි...රෝමා

    ReplyDelete