13 December 2017

විධායකයට පුප පෙන්නමින් අමන වර්ජකයෝ තවදුරටත් වර්ජනයේ


                                                මෑත කාලීනව අතිශය පීචං වූ වෘත්තීය සමිති දෙකක්  වෙයි. එකක් වෛද්‍ය සංගමයයි. ඔහුන් රෙදි ගලවා ගත්තේ අන්ත අසාධාරණ ලෙස  තම දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න යාමෙන්ය. ඊට අකිල විරාජ් යම් මට්ටමක කොන්දක් තියාගෙන සිටියාය. ඉන් පසුව රෙදි ගලවා ගත් අනෙකුත් සංගමය වන්නේ රේල්ලුවේ වෘත්තීය සමිති එකතුවයි.එහෙත් අදාළ ඇමැති කුම්භකර්ණයානම් මාධ්‍යට අඩුමගානේ මුහුණ දෙන්නේවත් නැත.
                                        රේල්ලුවේ සක්කිළි වර්ජකයින් කොතරම් කුප්ප ලෙස තම නිරුවත් භාවය ප්‍රදර්ශනය කරන්නේද යත් සා.පෙළ ට මුහුණ දෙන ලක්ෂ හයක සිසුන් ඔහුන්ගේ බිල්ලක් ලෙස තබා ගනිමින් ඔහුන් අතිශය කුහක,අශිලාචාර සහ පහත් ලෙස මෙම වැඩ වර්ජනය මේ වන විට හත්වන දවසත් සම්පූර්ණ කරමින් සිදු කරයි. ඉහත සංගමය අමු කාලකණ්ණි සංගමයක් වන්නේ. මෙතෙක් කිසිවෙක් නොකළ අයුරකින් අන්ත අසාධාරණ ඉල්ලීම් මුල් කරගෙන ස.පෙළ සිසුන් බිල්ලට තබා ගැනීම නිසාය.
                                                     කොළඹ සහ ඉන් පිටත නගරබද තදාසන්න  ප්‍රදේශවල සිටින ළමුන්ට දුම්රිය තම ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා නොගත්තද මින් අතිශය විශාල පීඩාවක් ක්‍රම දෙකක් හරහා සිදුවෙයි.එනම්.
1. දුම්රිය නොමැති නිසා පෞද්ගලික වාහන බොහෝ ප්‍රමාණයක් භාවිතා කිරීම හේතුවෙන් පැය ගණනක් යන ට්‍රැෆික් එහෙක ගණනය කළ නොහැකි කාලයක් රස්තියාදු වීමට සිදුවීම.
2.දෛයිනිකව ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යන් වුවද ඒවා රැකියාවට යන පුද්ගලයින්ගෙන් පිරීම නිසා මතුවන ගැටලූවයි. උදා- මාතර,ගාල්ල, අම්බලන්ගොඩ බස් සම්පූර්ණයෙන්ම ෆුල් ලෝඩ් වී ඇති නිසා කොස්ගොඩ. ඉදුරුව වැනි නැවතුම් වල නතර නොකිරීම දැක්විය හැක.

                                එහෙත් මෙම කුහකයින් නිසා මීට පරිබාහිරව බොහෝ ළමුන් පිරිසක් අන්ත දුක් පීඩා විදියි. ඊට හොදම උදාහරණයක් නම් පසුගිය දිනක රස්තියාදුකාරයාගේ බසයට මහ ඉදුරුවෙන් උදේ පාන්දරම ගොඩ වූ ගැහැණු ලමයෙකුය.
                         ඇය සිටියේ හොදටම තෙරපී හෙම්බත් වෙලාය. පානදුරට ආසන්න වන මොහොතක විශාල තදබදයක් පැවැතියෙන් ඇයට විභාගය සදහා යෑමට වෙලාව මදි වූවාය. ඉන්පසුව ඇය බසයේ මැද සිට ඉකි ගසමින් හඩන්නට වූයෙන් විශාල කලබලයක් සිදුවිය. එහෙත් එතැන සිටි කාරුණික සහ කාර්යක්ෂම මිනිසුන් හා ගැහැණූන් කීප දෙනා ඇය අස්වසා. බසය නතරකොට නන්නාදුනන මෝටර් සයිකලයක් බලෙන්ම නවත්වා. ඇයගේ දුරකතන අංකයත් ගෙන හෙල්මට් එකක්වත් නැතිව ටැෆික් එකේම පිටත් කර ඇරියාය.  පසුව දැනගත් පරිදි සුළු වෙලාවක් පරක්කු වී හෝ ඇය විභාගය සදහා සහභාගී වී තිබුණි.
                                                       මේ වගේ සිදුවීම් මේ දවස් කිහිපයේ රටේ නොයෙකුත් තැන් වල කොතෙකුත් වෙන්නට ඇත. එහෙත් මෙම පහරයින්ට එදිරිව විනයානුකූල පියවරක් නොගන්නා කොන්ද පන නැති පරයන් අදාල තනතුරු වල සිටිනතාක් මහජනතාවට සදා සොත්තිය. පාලකයන් හටද ඕනෙ මෙය හිගන්නගේ තුවාලය සේ හොද නොකර තබා ගැනීමට. මන්දයත් මේ රට මේ තත්වයෙන්ම වනතාක් රජ මගුල් වන්නේද අපිට නොව උන්ටය.
             ඒ නිසා මගී ජනතාවගේ සහ රටේ ජනතාවගේ පොදු ඉල්ලීම නම් කොන්ද පන ඇතිව මොහුන් ගෙදර යවා හෝ මහජනතාවට නැවතත් නැවතත් මතුවෙන නිධන්ගත රෝගයක් බවට රේල්ලුවේ කාලකණ්නි පත් නොකට මෙම පිලිලය මේ රටින් අතුගා දැමීමයි. එය එසේ නොවන්නේ නම් මේ මහජනතාවගේ ඇතිවෙමින් පවතින උග්‍ර විරෝධය ඊලගට ගමන් කරන්නේ පවතින ආණ්ඩුව දෙසටය.
                                    දැන්වත් රටේ ජන්ද නොදුන්නු එකාට පමණක් නොව ජන්දය දුන්නු එකාටත් එපාවී සිටින කොන්දක් නැති තවත් හාල් පාරුවෙක් වී ජනාධිපතිකමෙන් සමු නොගෙන මිනිස්සුන්ට මතක හිටින දෙයක් කිරීමට මෙය කාලයයි.නොමැතිනම් ස්වර්ණමය අවස්ථාවයි. මන්දයත් සිරිසේන තුමන් දැන්වත් තමන්ට ජන්දය දුන්නේ මේ රටේ කුමන කොඨ්ඨාශයක්ද යන්න තේරුම්ගත යුතුය....නොමැති ඔහුට තියා ඔහුගේ පහුලට ගෑවිච්ච එහෙකුටවත් මේ කපේදි ඇපත් නොමැත.

-රෝමා-
RomanthikaRasthiyadukaraya/facebook

12 comments:

  1. //අකිල විරාජ් යම් මට්ටමක කොන්දක් තියාගෙන සිටියාය// ටයිපෝ එකක් වෙන්ටෑ.. හැබෑට මොකක්ද බං පුප කියන්නේ.. රේල්ලුවේ වර්ජනේ නම් කුජීතයි.. කතා දෙකක් නෑ.. :/ අපහසුතාවයට පත් සියලුම ළමුන්/ වැඩිහිටියන් පිළිබඳව කණගාටුයි!

    ReplyDelete
    Replies
    1. නිමල් සිරිපාල උන්නැහැ මාධ්‍යවේදිනුත් මග හරිනවනේ වොයිස් කට් එකක් වත් නොදී ඊයෙ ගියේ. අකිල මොනව වුනත් දොස්තරලා ඉසුරු පායේ පැළපදියම් උනත් අවසන් වෙනකම්ම බුරුලක් දුන්නෙ නෑ.අන්තිම වෙනකම්ම ගේමට ගේම දුන්නා.

      පුකට පොශ් විදියට කියන්නෙ පුප කියලා අයියේ :D:D:D

      මේකෙදි පාසල් ළමයි මාර විදියට අපහසුතාවයට පත්වුණා. මන් ඒක ඒ බස් වල ඉදලම දැකපු නිසා මන් දන්නවා. ඒක ඒ ළමයින්ගේ මානසික මට්ටමට දැඩිව බලපාන්න ඇති.

      Delete
    2. මං කියුවේ 'සිටියාය' කියල ලියල තියෙන එක.. :)))

      Delete
    3. ටයිපෝ කියන්නෙ මොක්ද්ද අයියේ

      Delete
  2. රෝමා... මෙය ඇත්තක්ද...මට හරිම දුකයි අනේ...මගේ ඇස් රතු වුනා කියවලා

    ReplyDelete
  3. රෝමා... මෙය ඇත්තක්ද...මට හරිම දුකයි අනේ...මගේ ඇස් රතු වුනා කියවලා

    ReplyDelete
    Replies
    1. මට නම් ඒකෙ අනිත් පැත්ත අර දුම්රිය සුනකයො ගැන පුදුම තරහක් ඇති වුනේ

      Delete
  4. රොමා ඔයා නම් ..... (:

    - ජෑ මා කාලී -

    ReplyDelete
  5. හයියෝ ඇත්ත තමා රෝමා

    ReplyDelete
    Replies
    1. ඕ ලෙවල් ලියපු එවුන් කාපු කට්ට දැකලා මට රේල් වේ එකේ එවුන් එපාම උනා බන්....

      Delete
  6. මලේ උබේ කතාව සිරාම ඇත්ත. පට්ට කට්ටක් කෑවෙ අපි

    ReplyDelete