27 January 2018

සේරා....... - i කොටස

                                                     
                                                           ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්.  සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්‍රීව්‍යමය ලෝකයක්...........
                                                         ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග  අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට හාරත රැජින ආවෙ තනියම ඒත් එයා දැනගෙන හිටියා හාරත ආසියත්  හිටියෙ පිට බව. ඒත්  මන් නුඹට ප්‍රේම කරා උන්මාදයෙන්. ඒ නිසා මමත් නූබේ ඉදිරියට උමතුවෙන් ආවා. ඔව් මම තමයි හේරා නුබේ ලෝකෙ කිරුළ නොපලන් රජතුමා.
                                        තාම පිට්යෙ ඉන්නෙ මමත් නුඹත් පමණයි හාරත ආසියෙකුගේ අත පේන තෙක් මානෙක නෑ.ඉදින් සොදුරිය තව හිතන්නෙ මොකද්ද එන්න ප්‍රේම කරන්න. සිතු සිතූ තැන ප්‍රීතියෙන් ඉගිලෙන්න. එබැවින් අමතක නොකරන්න මේ පසුකරන්නේ නුඹෙත් මගෙත් වසන්ත කාලයෙ සොදුරුතම සමය බව.
                               සේරා ක්‍රිස්ටිනා..... සුන්දර මා ප්‍රිය උන්මාදණීය ගැහැණිය. මම නූඹට ප්‍රේම කරමි උන්මාදයෙන්. පල්ලියේ කොන්තත් පන්සලේ ශ්ලෝකත් අතර වූ පෝරුවක මන් නුඹෙ තොල් වැරෙන් අල්ලා සිපගනිමි.  ඒ තොල් වලට මම උන්මාදයෙන් පෙළෙන්නෙකු සේ ප්‍රේම කරමි. 'සේරා'...... සිය දහසක් නෙත් පසු කරමින් දැන් මම නුඹට ප්‍රේම කිරීමට ඉටාගෙන ඇත. 
                                    ඉදින් සේරා මන් ළග නවතින්න....ලෝකයම නිසොල්මනේ තියෙද්දි මට නුඹේ ලග රැදෙමින් නුඹෙ සුවද විදින්න. ඒ චමත්කාරජනක සුවදෙන් පපුවම පුරවගන්න. සුවද විලවුන් හී ආග්‍රහණයෙන් මත් වී මුවෙකු මෙන් නූබේ බරසාර ළැම තුල හිස හොවා වචනයක්වත් නොදඩා නුඹේ පපුවේ ලබ් ඩබ් හඩ අහන්න ඉඩදෙන්න........
                                                      ********************
                                                                සේරා ඇය තමයි ලොව සිටිනා උන්මාදනීයම ගැහැණිය මේ කතාව තුල කිවයුතුම අතීතය. ඒ අතීතය ගැන සිතීම හෘද ස්පන්දයත් වැඩි කරන්නක් ඒ අතීතය නිසා නෙවෙයි. ඒ ආශ්චර්යමත් වර්ථමානය නිසා....... 
                                          මන් දැන් සැරසෙන්නෙ මා දුටු සුන්දරතම ස්වප්නයක මුල සිට අග දක්වා ඒ ස්වපන්යේ සැරිසරන්න. සේරා නැත්තනම් සේරා ක්‍රිස්ටිනා බර්ගර් උරුවැති මියුලැසිය.....ඇය හිට්යේ මන් රැකියාව කරපු තැනට ටිකක් නුදුරින්. ඇය මන් කව්ද කියලවත් දන්නෙ නෑ. ඒත් හැමදෙනෙක්ම ඇය දැන සිටියා. ඇයගේ රුව විදිමින් සිටියා. බම්බලපිටිය ලෝරිස් පටුමගේ යන එන දස දහසක රුවැති තරු පොකුරු අතර ඇය සදක්ව සිටියා ලියවැල් රටා මවන ලස්සන තරු ඇසිල්ලකින් අමතක කරපු.
                                            ඔව් ඇත්තටම තවත් සදවල් කිහිපයක් ඒ පාරේ තම රැකියාව කරමින් සිටියා. අද මට ඇයව විශේෂයෙන් දැනෙන නිසා සදකැයි කිව්වට. සැබැවින්ම ඒ සදවල් අතර ඇයත් සදක්ව දිදුලමින් සිටියා. ඔව් එතකොට මගේ කතාවෙ කිසි ඇදක් පළුද්දක් නැතිවෙයි.
                                                                        ලෝරිස් පටුමගෙහි තිබුණු පොඩි කඩයක් ඉස්සරහින් ඇය සමහරක් දවස් වලට හිස බිමට බර කරගත්තු ගමනින් ගිය ඒ ගමන අහිංසක ගමනකැයි කියන්න බැරි ටිකක් සැර ගමනක්.  ඒ ගමනට අපි මොන තරම් විසුළු කතා අපි අපිම කියාගන්න ඇත්ද.???
                                   මුල් කාලෙ මම ඇයව දන්නෙ නෑ කිව්වනෙ. ඔව් ඒත් අපි අපිම ඇය ගැන සෑහෙන කතා කරා. මදුසංක අයියනම් කිව්වෙ ඌ කැමැති එයාගෙ හමට කියලා ඔව් ඒක තලෙළු පැහැපත් ෆ්‍රෙශ් හමක්. මිලින්දු කැමැති වුනේ එයාගෙ ඇගට ඌ කිව්වෙ පුදුම ලස්සනක් කියල ඩෙනිම හිරට ඇන්දම එයාගෙ තියෙන්නෙ. 
                                           ඇය කව්ද කින්ද මන්ද අපි දන්නෙ නෑ. පෙට්ටි කඩේ සිකරට් එකක් බිබී ඉන්නකොට ඇය එතනින් ගියොත්.
"අද කොහොමද අර කෑල්ල" කියලවත් නොකිව්වෙ ගොඩක් කලාතුරකින්

                                                       අමුතු ගැස්සිල්ලක් තියෙන ඇදුමක් ඇදන් ගිය දවසකදි එහෙම හෑන්දෑවකදි අපි තුන්දෙනා මධුවිතකවත් පැටලුනොත් ඇය හිමි හෝ හිමි වෙන්නට සිටින කෙනාගේ භාග්‍ය සම්පන්න වූ ජීවිතය ගැන පැය,පැය එක හමාර කතා කරා. ගුත්තිලයේ කවි ඇයට සමාන කරමින් විසුළු කතා කිව්වා. ඇත්තටම ඇගේ සිරුරේ ස්පර්ශ වූ කෙනෙකු හෝ වීනම් ඔහු එක් සැණකින් සිහිසුන් වන්නට තරම් මිහිරක් ඇගේ සිරුර තුල තිබ්බා.
                                                                  තාමත් මම ඇය,කව්ද,කොහෙද, විවාහකද,නැද්ද මොකුත් දන්නෙ නෑ.... මේ විදියට අපි අවුරුද්දක් වගේ ඉන්න ඇති. ...........කාලය ගතවුනා සමහරක් දේවල් වෙනස් වුණා. ඇගේ රුව තාමත් පෙර පරිදිම සිත් තුළ අපි අපිවම අවුස්සමින් තිබුණා.........                                                                  
මතු සම්බන්ධයි.        

28 comments:

  1. Replies
    1. ස්තූතියි මෙන්ඩයියා....

      Delete
  2. ලස්සනයි ඒක...ඉතුරු ටික ලියන්න ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ඉතුරුව ටිකක් දිගට ලියවෙයි විසිරි....

      Delete
  3. නව කතාවක් වගේ..... ම්ම්ම් බලමු ඉස්සරහට....

    ReplyDelete
  4. සඳවල් අතර සුපුන් සඳක්වන්වු සේරා,නුඹ ගැන ගෙතුනු අලංකාර පදවල් වලින් මා මුසපත් කරයි. නුඹ දැකගන්නට ලොරිස් පටුමගේ පෙට්ටිකඩයටවි ඉන්නට සිත බලකරයි.

    ReplyDelete
    Replies
    1. හිටහන්කො බලන්න කොටනවා සෙනිකව.....

      Delete
  5. රෝමා.... කාලෙකින් ආදර කතාවකට මුල පුරලා වගේ.
    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  6. Replies
    1. ටිකක් දිගට ලියවෙයි අයියෙ

      Delete
  7. ඉතුරු ටික ඉක්මනින්ම ........

    ReplyDelete
    Replies
    1. දිගට ලියවෙන එකක් අයියෙ

      Delete
  8. කොහොම උනත් අහම්බෙන් දකින සමහර රූපවලට අපි තදින්ම ආදරේ කරන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපි පිස්සුම වට්ටනවා

      Delete
  9. Replies
    1. වැටට වඩා පොඩි වෙනසක්..එල එල....

      Delete
  10. ලස්සනයි ඒක...ඉතුරු ටික ලියන්න ඉක්මනට රෝමා...ඔයාගේ රෝමැන්ටික් වචන වලට මම කැතයි..

    ReplyDelete
  11. ලස්සනයි ඒක...ඉතුරු ටික ලියන්න ඉක්මනට රෝමා...ඔයාගේ රෝමැන්ටික් වචන වලට මම කැතයි..

    ReplyDelete