09 December 2025

2029 චන්ද සිතියම කොහොම වෙයිද?


අනුර කරා ඇතිද? සාසනේ විනාසද? නාමල්නම් දැන් වෙන කෙනෙක්ද? ආපදාවෙන් නාය ගියේ කව්ද? 2029 ට කල් වැඩිද? 

දන්නෑ බන් හැබැයි මෙහෙම්යි.............................

1. අනුර  - ......................................................
2. සජිත් - ........................................................
3. රනිල් - ........................................................
4. නාමල් - ......................................................

14 December 2024

සුන්දර කුරුලු සිහින



සිහින ගෙනන සොදුරු සිහින
දවසින් දවසට පිරෙන
අර ඈත දිදුලන සදක් වාගේ...............
මාසෙන් මාසෙට 
මා ඇස් මානයේ පිරෙන 
මගෙ රන් පුන් සද.....................
තුරුලට ගන්නට 
සිනිදු කුරුලු සිහින................
පෙරුම් පුරමි
රන් මිණි මුතු කැට 
මගේ දෝතේ නලවන්නට.............


-රොමාරස්-

28 July 2023

ඉරත් ගිහින් සද පායන හැටි බලන්න - Irath gihin sada payana hati balanna


ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න

යාය පුරා මල් පීදෙන හැටි බලන්න

ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න

ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න


පාට පාට ලෝකේ සුදු පාට සොයා

අන්ධකාරයේ අපි ඇවිද ගියා

කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා

අපි ඇවිද ගියා පාට හොයා

16 June 2023

කොයිල් ඇටේ වැසියෙක් වීමත් එක වෙලාවකට සෑහෙන අවුල්


ජෝක්නම් අවුල්

කුණුහර්පනම් මාර ලල්

පිරිසකකට මගුල්

දක්වමින් නගුල්

එහෙ මෙහෙ අරන් යති

ජන්දෙට පෙර ට්‍රයල්

යටත්වැසියට නැතත් වියවුල්

උන්ගෙ හැම ට්‍රයි එකම ෆඋල්

මේ හැම අස්සේ

කොයිල් ඇටේ වැසියෙක් වීමත්

එක වෙලාවකට සෑහෙන අවුල්

- රොමාරස්-

13 May 2023

ධම්මික පෙරේරා සළකුණ



මට ධම්මික පෙරේරා ගැන කියන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. සමහර විට මන් කියන සමහර කාරණ ගැන ප්‍රැක්ටිකල් අවබෝධයක් නැති අයට ඒක උදව්වක් වේවි මේ කතාවෙ ඉදිරියට යන්න. 
                                      මන් මීට අවුරුදු කිහිපයකට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ එක්තරා අධ්‍යයණ කටයුත්තකට නියැළුනා. එකෙ තිබ්බ එක විෂයක් තමයි "Quantitative Techniques"  කියන්නේ ඒක ගණිතයට බර විෂයක් නිසාත් අනිත් විෂයන් තියරි සබ්ජෙක්ට් නිසාත් මන් වැඩි බරක් දුන්නෙ තියරි සබ්ජෙක්ට් වලට මොකද ගොඩක් පාඩම් කරන විෂයන්ට සාපේක්ශව ගණිතය වඩා පහසු නිසා.
                  ඒත් විභාගෙ ලංවෙලා මේක කරන්න හැදුවම තමයි අන්තිමට පිස්සු හැදුනේ. පාස් පේපර්ස් වල තියෙන ඒවා යූටියුබ් එකේ හෝ ගූගල් එකේ හොයන්න ගියත් පිස්සු හැදෙනවා.අන්තිමේදී මම ඒ විෂය ෆේල් වුණා. ටිකක් සබ්ජෙක්ට් එක අමාරු නිසා සැලකිවයුතු පිරිසක් ෆේල් වෙලා තිබ්බා වගේම පාස් වෙච්ච එවුනුත් හිටියත් ගොඩක් හිටියේ යන්තම් ගොඩගිය එවුන්

12 March 2023

2024 ජන්ද සිතියම


2024 ජනාධිපතිවරණය මොන වගේ වෙයිද කියලා මන් කල්පනා කරනවා.එතකොට දැන් තියෙන තත්වෙත් එක්ක ප්‍රධාන පක්ෂ වලින් එන්න ඉන්න අය මෙහෙම පෙළගස්වන්න පුළුවන්

01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්

02. සජබෙන් - සජිත්

03. ජාතික ජනබලවේගෙන් - අනුර

ඔයිට අමතරව  විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් පිට්ටනියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වයකට හරි තියෙන්නෙ ඔය උඩ තුනට විතරයි.

මුලින්ම සජබෙ ගැන කතා කරොත් සජිත් තමයි අනිවාර්යෙන් මීළග ජනාධිපතිවරණයට තරග කරන්නේ. ඒත් මේ වගේ වෙලාවකවත් අච්චර අජපල් ආණ්ඩුවක් තියෙද්දි නායකත්වයක් අරන් දිනන්න පුළුවන් වපසරියක් හදන්න තාම අසමත් වෙච්ච සජිත් කියන්නෙ කූඹි පුකක තරම් වත් දිනන්න දෙයක් නොකර ඉබේ ඔඩොක්කුවට වැටුනොත් විතරක් ගොඩයන එකෙක්. ඉතින් සම්ප්‍රදායික අපේ පැරණි ජන්ද ප්‍රතිඵල වල ස්ටැටික් අනුවනම් 2024 ජන්දය දිනන්න ඕනේ සජිත් උනාට. සජිත් කියන්නේ මේ රේස් එක පිටිපස්සට දුවන තමන්ගේ තාත්තගෙ කාලෙටත් වඩා පරණ ක්‍රමත් එක්ක දේශපාලනෙ කරන කෙනෙක් නිසා . මේ රේස් එකෙන් ලොකු වාසියක් සජිත් හින්දම අනිත් දෙගොල්ලොන්ටම ලැබෙනවා.

07 October 2022

දිනක්ෂි ප්‍රියසාද් පවුල සහ ශ්‍රී ලංකාව


දින්ක්ෂි ප්‍රියසාද් පවුල කියන්නේ ඇත්තටම ලස්සන පවුලක්. පවුල් ජීවිතෙත් සෑහෙන ලස්සනකට ගත කරන ජීවිතේ විදින පවුලක්. මේ ලියවිල්ල උන්ට අපහාසයක් විදියට ගන්නෙපා. මේක ෆේස්බුකියේ දැක්ක පෝස්ටුවක් එක්ක හිතිච්ච මගේ සිතුවිල්ලක් විතරයි.

                               දිනක්ෂි ප්‍රියාසාද් පවුල කියන්නේ මුල්‍යමය හැකියාවක් තියෙන ජීවිතය ඉතා සතුටින් ගත කරන පවුලක් නේ. සරුංගල් කරන කාලේට ගෝල්ෆේස් යනවා , අරගලයට ගිහින් අරගලයට සහභගි වෙනවා චායි ටී එකක් ගහන ගමන් ෆොටෝ අරන් බුකියෙ දානවා, Save විල්පත්තු කියලා ප්‍රොෆයිල් කවරයක් දාගන්නවා, අන්තිමට කහ පාට ජර්සි ඇදගෙන ඔස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්න යනව.

                                                    ලංකාව කියන්නේම දිනක්ෂි ප්‍රියසාද් පවුලක් වගේ එකක්. ඒකේ බහුතරයකට තියෙන්නෙ රැල්ලට පුප දීමක් මිස වෙන එකක් නෙවෙයි. නිකමට හිතපන්කෝ කොත්තුවක තිබ්බ නිල්පාට කෑල්ලක් පෙන්නපු වීඩියෝ එකකින් කොච්චර කැළඹීමක් රටේ වුනාද? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල් දොරවල් විනාශ වුනාද? කී දෙනෙක් මැරුණද. ලංකාවට අරගලය කියන්නෙත් රැල්ලට පුක දීමක් මිසක් වෙන එකක් නෙවෙයි. ‍රෝන්ග් ජෙනරේෂන් කියලා වැලලෙන්න හැදුවට අරගලකාරයෝ අල්ලපු අරලිය ගහ මන්දිරේ බලන්න ආපු පෝලිමම තමයි නෙළුම් කුළුණ බලන්න ගියෙත් 2015 මයිනව බලන්න ගියෙත්. ඔය තුනටම ගිය එවුන් ඇති තරම් ඇති ඔය පෝලිම් වල.

16 October 2021

සුභ ගමන් ආදරණීය ආටියා..........


               

අද අහඹු ලෙස දැකපු ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි දැක්කෙ ආදරණිය බ්ලොග්කරුවෙකු වෙන 'මගේ ලෝකය - My world" නැමැති බ්ලොගෙයේ අකුරු කෙරූ ආදරණිය තරුණ බ්ලොග් කරුවෙකු වෙන ආටියා නොහොත් කළණ රජින්ද ආටිගල  ආකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇති බව.

මම අන්තිම වරට දාපු පෝස්ට් එක සම්බන්ධ උනේ ආදරණිය සුනිල් පෙරේරාගේ අකල් වියෝව සම්බන්ධයෙන්. එත් උඹ එම පෝස්ට් එකට දැමු කමෙන්ටුව දිගේම මම අද උබේ බ්ලොගයට විසි තිස් පාරක් විතර ගියා. උඹ ගැන උඹෙ බ්ලොගය ගැන බ්ලොග් රසිකයෙක්, ලියන්නෙක් විදියට මන් උබේ මරණය ගැන ඇති වූ තිගැස්මෙන්ම මොකුත් තවත් නොලියා ඉදිරියට ලියන බලාපොරොත්තුවෙන් යන්නම් සුභ ගමන් ආදරණීය ආටියා..............

06 September 2021

සුභ ගමන් ලෙජන්ඩ්.................


අද උදෙන්ම ඇහෙරෙන්නෙ සුනිල් පෙරේරත් යන්න ගිහින් කියන මහ අවාසනාවන්ත ප්‍රවෘත්තියත් එක්ක. අපේ පරම්පරාව කුඩා කාලයේ ඉදන් කියවපු, රස විදපු මිනිස්සු දැන් දැන්  කොරෝනත් එක්ක යන්න අරගෙන.  වයසින් වියපත් නොවුනත් ඔහුන් යනකොට මට දැනෙන්න ගන්නවා අපිත් කෙමෙන් කෙමෙන් වැඩිහිටියන් වෙමින් යනවා කියලා.

මංගලත් ගියා

සුනිලුත් ගියා

ලංකාව ඇතුලෙ මිනිස් සිතුවිලි ලස්සන කරපු ලස්සන්නම ලස්සන මිනිස්සු එකින් එකා යනවා. සුනිල් පෙරේරගේ අසමසම දැවන්තම සංගීතමය පරිජ්ජේදය එසේ අවසන් උනත් ඔහුගේ සුන්දර සංගීත රටා වගේම ඔහුගේ ලස්සන සිතුවිලි  සසර සරන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණෙ යළි යළිත් විරාජමාන වේවි.


සුභ ගමන් ලෙජන්ඩ්.................

20 December 2020

රජුන් තනන්නන්




දෙදහස් පන්සීයක අභිමාණී
හලාගෙන පැණි කටට
සමරති බොක්කෙන් දෑ කුල හිතමාණී..............
දෑ කුල හෙලබස සමය ඇල්ලුවොතින්
යක්ඛ පරපුරේ අති රමණී..............
පැණි මුල වුව උණුකොට
අධෝ ගුලේ වක්කෙරුමට හැකියාව ඇතී............
පස්මහ බැලුම් කුමකට බල 
යක්දීපයෙ රජ වෙන්න..................
මේ නිල තුන හතර දත්තෙකුටත් හැක 
සක්විත්තනුත් තනන්නට..................................

-රෝමා-


24 October 2019

ප්‍රේම සැදෑවෝ.......


බස් එකෙ කොනක
ඔබ හා තනිව
පෙමින් වෙලී
සිපගන්නා  අනවසර දෙකොපුල් හාදුවක 
තිබුණත් හිරිවට්ටන  ප්‍රේමයක් 
අනවසර දිනෙක නිරුවත් පපුවේ 
වැතිරුනදා දෑස් පියාගෙන 
දැණුනා මට සැනසුමක්
ඔබෙ  පපුව මැද්දේ ඇති සිත
කලබන සිහින  කොතරම්ද කියා 
මරණයත් සුරම්‍යය වේ නම්
නුඹේ පපුව උඩ
රමණයත් හෑල්ලුයිනම් 
එහි උණුසුම
දැනෙන විට
තවත් කුමට ඉවසා සිටිම්ද
රකිමින්  බඹසර කුමර
ඒ උමතු සිහිනවලම
උමතුවෙකු  වී
සැරිසරා අතරමන් වී මියයනවාම  හැර

-රෝමා-

26 July 2019

රන්ජන් රාමනායක, භික්ෂු පරිච්ජේදය සහ ස්පොට් ලයිට් ( Spotlight Film -2015)

                                     
         රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලි‍ංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ල‍‍ංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් බෞද්ධයෙකුගේ සිතෙහි යම් වේදනාවක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් කොතරම් කටුක වුවත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් එයයි. එය බෞද්ධ දර්ශණයේ ප්‍රශ්ණයක් නොව ඒ ආගම් තුළ සිවුරට මුවා වී සිටින නිගන්ඨයන්ගේ ප්‍රශ්ණයක් බව ප්‍රථමයෙන් අප තෝරා ගත යුතුය.

*හැමදේටම පලිගන්නෙ පන්සලෙන්ද?

නැත, ශ්‍රී ල‍‍ංකාවේ සමලි‍ංගිකයින් අපට වඩාත් හමුවන්නේ පන්සලටත් වඩා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ දේශපාලන කදවුරු සහ රූපලාවන්‍ය විෂය සම්බන්ධ අයවලුන්ගෙනි. සමලිංගිකත්ව යනු ඔහුනගේ අයිතියකි. එහෙත් බාල වයස්කාර අපයෝජන වලට මුල් තැන ගන්නේ පන්සලයි.

*එහෙනම් ඇයි පන්සලම?

දුප්පත් අම්මගෙන් හා පියාගෙන් වෙන්වෙන පිරිමි කුඩා දරුවා තනිවෙන්නේ පන්සලේය. කුඩා සාමණේරයන් වහන්සේලාට ඇති එකම හව්හරණ දුප්පත් කම විසින් ඈත් කොට ඇත. දවසට කිහිප වරක්ම පොඩි උන්නාන්සේලාගේ දැඩි අකමැත්තෙන් තම ලිංගික විකෘතිය ස‍‍ංසිදුවා ගන්නා ලොකු හාමුදුරුවොන්ට එපිටින් වචනයක්වත් කීමට පොඩි හාමුදුරුවොන්ට නොහැක. සිවුරට මුවා වී කරන ලිංගික අපචාර වල ඛෙදය නම් නඩුත් හාමුදුරුවන්ගෙය බඩුත් හාමුදුරුවන්ගෙය.  

24 July 2019

EXප්‍රස් ජීවිත


හරිම තැනකින්
පටන් අරගෙන
අන්තිම නැවතුම
තිතට දැනගෙන
හතර අතටම දුම් විසුරුවාලන
දුවයි හැල්මේ E‍Xප්‍රස් කෝච්චිය
යන ගමන් මග
වෙහෙස දැනුනු තැන
විටෙක හුදෙකලා
දුම්රිය නැවතුමක් දුටු සද
එතැන පොඩ්ඩක් නතර කරලා
තමන්ගේ බර
නැවතුමට නිදහස් කරලා
තමන්ගෙ හිස් තැන් වලට
මිනිස්සු පුරවා
දුවයැයි හැල්මේ
ආයෙත් ආයෙත්  හූ තියමින්
EXpress කෝච්චිය

-සුපුන් සමීර-

05 May 2019

නිරාගමික කවි





තනි පාට වල් සමනල්ලු රොති පිටින් යති සිරිපාදේ
ඒ යන වුන් අතර මැද්දේ බොහොමයකුත් මැරිලා යයි අකාලයේ
ගියත් සමහර  වුන් බැතියෙන් සිරිපා මුදුනටම
මොක් සුවනම් නෑ ලැබුණේ
ඒත් උන් හැමදාමත් සිරිපාදේටමයි පෙමින් බැදුනේ

නෙක පාට සොදුරැති සමනල්ලු නොගියත් සිරිපාදේ
උන් හති වැටෙන ගමන නවතා නෙක රස මල් ගොමු වලටමයි ඇදුනේ
පාරවල් වල මැරී වැටිලා හති වැටෙන ජීවිත අතරේ
සමහරක්ම සමනල්ලු විතරයි ජීවත්වෙද්දිම මොක්සුව ලැබුවේ

-මීට-
-බෞද්ධත් නැති නිරාගමිකත් නැති හයිබ්‍රිඩ් කවියෙක්-

සැ.යු.- සිරිපාදය වෙනුවට මක්කම යොදා කවිය කියවීම වඩා උචිත වේ

07 January 2019

ලිබරල් අත්තක්


ඈත පිටිසර බඹරකන්දේ මුදුනත සිසිලසින් පිරීගිය දිය විලක්-
ඒ දිය විලේ බොහෝ සුසිනිදු දිය බිදක් ප්‍රේමයෙන් වුණි
හිටපු හැටියේ හමා ආ නිරිත දිග සුළගට ඒ දිය බිද හසුවුණි-
හසු වෙලා නොසිතු විලසින් කන්දෙන් බිමටම දිය බිද ඇදවැටී

ඔබ මොබ ගියත් දන්නා හදුනන කවුරුත් ඒ ළග නැති සදේ -
කුමක් කරන්නද  දිය බිදත් සිටියේ බෝ නිසොල්මනේ
ඒත් ඇසිල්ලක හරිම ලස්සන රෝස මල් ගසක කොළයක්-
ඉවුරු කොනක සැගව සිට ඇවිදින් දිය බිද හා පෙම්වත් වුණී

ප්‍රේමයෙන් මුසපත් වෙලා දිය බිද රෝස කොළයේ තුරුලට වෙලා-
ගියා නදියේ පල්ලම් බසිමින් රෝමාන්තික ගීතයන් ගයා
ජීවිතේනම් කොතරම් සොදුරුද රෝස කොළේට හාදු මල් තියා තියා-
කැමැති කැමැති තැන රුවල් ගාමින් ගියා ප්‍රීතියෙන් රෝස කොළයට වෙලා

31 December 2018

එකසිය තිස් අට


ඒ සීතල උණුසුම් ලවණ
මගේ හදවතේ බැදිලත් මොටද
තවමත් දැනෙයි උණුසුම
හදවත මෙලෙකින් දියකරන
දිය වූ සියුම් තැන් සිත 
අද්දරින් හිරිවට්ටමින් ගලන
පෙම්වත් කතා වලට 
සුරතේ බාහුවේ උණුසුමෙන්
ඉගි බිගි දී පෙම්වත් වෙන්න
තව තවත් ළගට විත්
සිරකර මගේ සිත කඩා බිදලන්න
රුසිරු ලියේ නුඹ ආසයි නම් 
ආයෙත් හිනැහෙන්න
පරක්කුවක් නෑ තාමත් තරුණයි
එකසිය තිස් අට බස් එකේ 
පිටුපස අසුන

-සුපුන් සමීර-

06 November 2018

සිරිසේන එන්න මේ ගූ වලදන්න


ශ්‍රී ලංකීය දේශපාලනයේ අධමම කාල පරිච්ජේදයක ඔබත් මමත් ගමන් කරමින් සිටියි. තමන්ගේ බල තණ්හාව සාක්ශාත් කරගැනීමට හෙළුවෙන් තාප්පයක් උඩ නැග වල්# උවත් වැනීමට වුවද වර්තමානයේ සිටින ඕනෑම නායකයෙකු සුදානම් බව මේ ජාරජීරණ දේශපාලනය පසක් කරමින් සිටියි. 
                           එක පැත්තකින් හැට පැන්නත් හොට බිම ඇනුනත් ගෙදර නොයන බල ලෝභී රනිල් වික්‍රමසිංහය, අනිත් පැත්තෙන් විධායක ජනාධිපතිකමෙන් යන්න උවත් මැරෙනකම්ම රටේ රජ්ජුරුවෝ වී ඉන්නට ඕනෑ මහින්ද රාජපක්ෂය, ඒ හැමටම වඩා අනිත් පැත්තෙන් කොන්දක් කියා දශමයක් නැති පෙන්දෙක් වන් ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නොසැලැකූ අසූචි වලෙන් උපන් ජනාධිපතිය. ඕ තොමෝ මීලගටත් රාජ්‍ය නායකයා වනු වස් තමන්ව පත් කළ ලක්ෂ හැට දෙකකට පුක පෙන්වා දැන් අමු බයිලා  කෙළිමින් ඇත.

17 October 2018

පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ



උතුරෙත් දකුණෙත් නුවරත් ඇති රුසිරුම මුතු පබළු විත්
ගාලු මුවදොර වෙරලේ ගොඩ ගසමින් හිනැහෙන

ලංසි කෙල්ලට ෆර්සාන්ලා පර්දාවට පයින් ගසා පෙම්පුරන කොට
මධු සුව පිරි තිව්යලා හදවත් දිවා රැයක් නැතිව උණුසුම් කරන

වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද
පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන

ඇරියස් පිරුණු ජීවීත බුකියේ කැළඹෙනා විටෙක
හිරවුණු කොටුවෙන් පිට යන්න හොදම තැනලු රිලැක්ස් වුණු කාමරය

හදවත උඩට ආදරය මෙට්‍රික්ටොන් ගණන් වලින් දමන
කුරුදුවත්තෙත් වැල්ලවත්තෙත් පාරේ ඇත ආදරේ පපුවත් බරවෙන්න

නිදහසක් ඇත්ද ලොකේ මේ පුර තරම් වෙන කොහෙවත්ම
පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ

-සුපුන් සමීර-

13 September 2018

කාන්තාර ජීවිත


නීලවරණ අහස
නමුත් දියක් නැති
රෝමාන්තික මා
නමුත් වැලන්ටයින්
නොමැති

-ගිම්හාන් ලහිරු-

01 August 2018

කපටි පාට හිනාවක් (කෙටිම කෙටි කෙටි කතාවක්)

                                   
                                      පෙරවදනක් ඕනෙමද කතාවකට. මේ කතාවට පෙරවදනක් නෑ. පසුවදනක් කියලා එකක් දෙන්න හදන්නෙත් නෑ. ඇය තරමක් සුදුයි, බෝලයි, උසයි, මහතයි ඇය මුලින්ම දැක්කෙ පොලිස් පාක් හෝල්ට් එකේදි. ඇයට තිබ්බෙ වෙනස්ම හිනාවක්. ඒකට හරියන්නෙ "අහිංසක" හිනාවක් කියන එක නෙවෙයි. ඒක කපටි හිනාවක්.
                         කපටි පාට හිනාවක් තිබ්බට එයා කපටි කෙල්ලෙක් නෙවෙයි. අහිංසක පාට ගෑණු ළමයෙක්. ඇත්තටම හිනාව විතරයි කපටි පාට. ඒක ටිකක් අපප්භ්‍රංෂයක් වගේ වුණාට. එයාගේ හිනාව එහෙමයි.
                       කපටි කියන වචනය ඇර සමහරවිට ඒකට හරියන්නෙ වෙන වචනයක් වෙන්න ඇති. ඒකට හරියන තනි වචනයක් සිංහල භාෂාවෙ නෑ. ඒක හරියට මෙහෙම කිව්වොත් "ආදරණීය බවක් පෙන්වන කපටි පාට අහිංසක හිනාවක්" වගේ වාක්‍යකින් එයාගේ හිනාවට සාධාරණයක් කරන්න පුළුවන්.
                     එයාගේ ලස්සන ප්‍රතිශත වලින් බෙදුවොත් එයාගේ හිනාවට සීයට හතලියක්වත් තනිකරම දෙන්න ඕනෙ. ඇත්තටම ඒක කපටි පාට ලස්සන හිනාවක්.