30 November 2017

වහින වැස්සේ ඇගේ ලස්සන


වැස්සේ දුවන කලබල ඇති ඒ සොදුරැති ලදුන
වීදුරුවෙන් දැක්කෙමි ඒ නුඹේ විසුරුණු සොදුර
හිස සිට දෙපතුළටම ඇති රස නුබේ මී වැනිය
සීතල පිනි කැටද උණුසුම්....නැත්තම් ඒ....මගෙ සිතද.......

හැට්ටේ එතුණ සිහින් නූලේ සමනොල ගැටය
තෙත් වුණු නූලෙන් පිට වැගිරෙයි බිදු මුතු වැනිය
පිටත දිගෙ ගොස් සැගවුණු දග ඇති ඒ පිනි බිදුව
තිසරු දිගේ නොගියා සොදුර යන්තම් ඇතිය

ලියතඹර මලක කැටයමකි නුඹේ පිටු පැත්ත
සිහිනැති ඉගත් එක්කළ නුඹේ පිරුපුන් පුන් කලස
තෙත් වී කිටි කිටියේ හිරවී සාරියත් තදටම සිරව
ඒ දැක දැකත් නූබ දෙස නොබලන ඇස් තව මොකට

අද වෙන දෙයක හෙට සැබැදුම හැම විට පුදුම
ඒ ඒ දේවල දැනෙනා දේ සිතෙහි යයි ඉපිල
ඊයෙ නුඹ නොදනිතත් අද නුඹ දනිමි පෙර භවක සිට
අදත් ඒ වැස්සමයි මොර සූරන මා කැළඹූ සුළි සුළග

මා බට තැනක් වෙත්නම්....මා බැස යා යුතු තැනකුත් තිබුණා නේද
ඒ තැන වැරදුනොත් මා බසිනා තැන නුඹවත් නොදනිතියි සත්ත
විස පොවමින්.......මත් කළ.......මා ලොව පෙම් කුසුම..........
සැනසුව...මා සිත කැලඹුව....නුඹ වෙති මට කස දුන් සොදුරැති මත් බදුන.......

ප්‍රේමණීය කුණාටුවක සිත කැමති කැමති තැනක රුවල් ගා ගිය ප්‍රීතිමත් කාලයක ප්‍රේමයේ සුමිහිරි මැවුම්කාරියගේ උත්කෘෂ්ඨ මත් සැර වල මතකයෙන් ඔත්පල වූ මතකය 
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

22 comments:

  1. පිස්සු හැදෙනවා....මාරයි

    ReplyDelete
    Replies
    1. වහිනවනෙ...
      කොල්ලොනෙ...
      ගමේනේ............

      Delete
  2. නියමයි මචන් නියමයි!

    ReplyDelete
  3. එල බන්....
    වහිනව නේ....
    කෙල්ලො නේ...
    බස් එකේ නේ....

    ReplyDelete
    Replies
    1. අන ඒකනේ බන්
      කොල්ලොනෙ....
      වහිනවනේ....
      ඉතින් පිස්සු හැදෙනවනේ.....

      Delete
  4. හම්මෝ ලස්සන...

    ReplyDelete
  5. ලස්සනට... ලස්සනයි කියන නිහතමානී කමට මම ග‍ොඩක් කැමති රෝමා...කවිය හරිම රෝමැන්ටික් අනේ.....

    ReplyDelete
  6. ලස්සනට... ලස්සනයි කියන නිහතමානී කමට මම ග‍ොඩක් කැමති රෝමා...කවිය හරිම රෝමැන්ටික් අනේ.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි උමා. අපි එහෙම තමයි ඉතිම්...........

      Delete
  7. නිසි කලට වැසි වහින්නේ වාසනාවන්ත පලාත්වලටලු .. රහයි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැසි වැටී අස්වනු පළින් බර වෙනවා බලන් ඉන්න එක වගේම අස්වැනු නෙලන්න හම්බෙන එකත් ලොකු වාසනාවක්.......

      Delete
  8. පට්ට ඒකනම්..... සාරි පටට තදඋන ඇගේ ලැම... පෑන් තුඩට ලියඋන හැගුම් සිත

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් එකත් නිකන් කවියක් වගේ...එල හොදේ......

      Delete