හදවත
තියෙන්නෙ රිදවගන්න
උඩට
හරහට
පහළට
උඩට පැන පැන
ඇදුම් දෙන හදවත ආයෙ ආයෙත් තලාගෙන
විදවා විදවා ආයෙත් හිනාවෙන්න
ඇදුම් දෙන හදවත
තාමත් තියෙන්නෙ හරි තැනමයි
වෙනසකට තියෙන්නෙ
මගේ හදවතට ඕනෙ ඉක්මණටම ආයෙත්
වෙන හදවතක් ළග හිනාවෙන්න
-සුපුන් සමීර-
+++
ReplyDeleteස්තූතියි මලියා
Deleteඅලුත් හදවත් අවශ්‍ය කර තිබේ.
ReplyDeleteහදවත් වෙන්දේසියේ....
Deleteඔය හිතට වැඩි දුකම විනිවිද ගියේදෝ රුධිරය පෙරා
ReplyDeleteතිය තියා දුක් සුසුම් හෙලුවද ඇසේ නැගි කඳුලින් ඉරා
ගිය දුකක් නොව පැමිණි සතුටම විඳින උඹ නම් නිරතුරා
කිය න්නෙමි තව හිතක් ලග ඉනු සතුට පැමිණෙයි නුඹකරා.......
ජයවේවා!!!
හැමදාමත් වගේ අගේ ඇති කවියක්.මන් නිසැදැසෙන් කිව් දේ ඔබ සිව් පදෙන් කියලා.බොහොම ස්තූතියි....
Deleteඇත්තමයි
ReplyDeleteහිත් තියෙන්නෙම
රිදෙන්න
රිදෙන රිදෙන
වාරයක් පාසා
හිතක් තියෙන
බව දැනෙන්න...
තදයි කියලා හිතුවට හිත් මෘදුයි.පිරිමිකමට හිතක් නෑ කියලා පිටින් පෙන්නුවත් ඒ හිත් ඇතුලේ සමහරවිට ගැහැණූ ළමයෙකුට වඩා පෙළුණු තැන් තියෙනවා...ඒත් පිරිමිකම කියන්නෙ ඒ පෙළුණූ තැන් පිටට නොපෙන්නා හිනාවෙන එක.
Delete+++++++
ReplyDeleteස්තූතියි ප්‍රාජේ......
Deleteආස ඇති නේ???
ReplyDeleteහෙහ් හෙහ් ආසයි ආසයි
Deleteරස්තියාදුවෙ නොයා එක හදවතක් ගාව සදහටම නතර වෙයං, නැත්තං පෙෂර් වැඩි වෙයි
ReplyDeleteයකෝ කවිය ලියන්නෙ මන් උනාට කවියෙ ඉන්නෙ මන් නෙවෙයි
Deleteමගේ හදවතත් එහෙම්ම තමයි. හැබැයි බයයි. කොටිම්ම කිව්වොත් ආසයි බයයි (නෝනා දැනගනී කියලා)
ReplyDeleteනෝනව මේකට මෙන්ෂන් කරන්න ක්‍රමයක් නැතැයි.....
Deleteඕනෑම හදවතකට සිය දහස් වරයාක් දැනුණත් නවතින්නට පුලුවන් එක හදවතක් ලග ...එක නිසා එක හදවතක් ලග නවතින්න...
ReplyDelete++++++
DeleteTINNITIAN GOLD GORDON JOE BEE' - T-Nation
ReplyDeleteTINNITIAN GOLD titanium dog teeth implants GORDON JOE BEE'. This unique titanium teeth stone carving tool is made by TANTHEW HILL, E.A. ceramic or titanium flat iron TANTHEW HILL. This carved tool is made by TANTHEW HILL, babyliss pro titanium straightener E.A. TANTHEW HILL. 피망 바카라